Home » අපිත් ආසයි අනුර ජනාධිපතිතුමාගේ අත්සනින් මුදල් නෝට්ටුවක් දකින්න – ඇමති විජිත

අපිත් ආසයි අනුර ජනාධිපතිතුමාගේ අත්සනින් මුදල් නෝට්ටුවක් දකින්න – ඇමති විජිත

by chanaka
October 29, 2024 2:33 pm 0 comment

නව රජය යටතේ මුදල් මුද්‍රණය කළ බවට පලවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

නව රජය විදේශ රටවලින් හෝ ආයතන වලින් මුදල් ණයට ගෙන හෝ මුද්‍රණය කර හෝ නැති බවත් හෙතෙම අවධාරණය කළේය.

නව රජයෙන් මුදල් මුද්‍රණය කර ඇත්නම් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සන සහිත නෝට්ටු තිබිය යුතු බවද හෙතෙම කියා සිටියි.

එවන් නෝට්ටු කිසිවක් මෙතෙක් නිකුත් කර නැතැයිද අද(29) කැබිනට මණ්ඩල දෙනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු පැවසුවේය.

“මුදල් අච්චු ගැහීම ගත්තොත් ඇතෙන්ම අලුතින් මුදල් අච්චු ගැහීමක් කරලා නැහැ. කරන්න බෑ මොකද ඒක ඉතා පැහැදිලිව තියනවා අලුතින් මුදල් අච්චු ගහන්න බෑ කියලා. ඒ නිසා අපි එහෙම මුදල් අච්චු ගහලා නැහැ. ඉතින් එහෙම ගැහුවනම් ඔබට දැකගන්න පුළුවන් අපේ මුදල් ඇමතිතුමා තමයි වර්තමාන ජනාධිපතිතුමා. ඉතින් ඕනම අලුතින් මුද්‍රණය කරන මුදල් නෝට්ටුවක මුදල් ඇමතිවරයගේ අත්සන තියෙන්න ඕන. ඉතින් අනුර දිසානයක අපේ මුදල් ඇමතිතුමා ජනාධිපතිතුමාගේ අත්සන සහිත නෝට්ටුවක් කොහෙවත් නිකුත් වෙලා නැහැ. එහෙම නෝට්ටුවක් තියනවානම් කියන්න. අපිත් ආසයි එතුමගේ අත්සනින් මුදල් නෝට්ටුවක් දකින්න. තාමනම් එහෙම එකක් නිකුත්වෙලා නැහැ. ඉතින් ඒ නිසා ව්‍යාජ ප්‍රවෘත්ති ප්‍රචාරය කරනවා බිලියනක මුදල් අච්චු ගහලා තියනවා එහෙම කියලා. ඉතින් ඒක සම්පූර්ණ අසත්‍ය ප්‍රවෘත්තියක්. එහෙම අලුතින් මුදල් අච්චු ගැහීමක් සිද්ධ වෙලත් නැහැ. අලුතින් ණය ගැනීමක් සිද්ධ වෙලත් නැහැ.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT