Sunday, April 20, 2025
Home » වාහන ආනයනය ගැන රජයෙන් තීරණයක්

වාහන ආනයනය ගැන රජයෙන් තීරණයක්

by chanaka
October 29, 2024 2:23 pm 0 comment

යම් ක්‍රමවේදයකට යටත්ව වාහන ආනයනයට ඉඩ ලබා දීමට රජය තීන්දු කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ඔහු පැවසුවේ ඒ සම්බන්ධව මහ බැංකුව ද එකඟතාව පළ කර ඇති බවය.

ඒ අනුව ඉදිරියේදී නිසි ක්‍රමවේදයක් සකස් කර මහජනතාවට දැනුම්දීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.

“වාහන ආනයන ක්‍රියාවලිය යම් ක්‍රමවේදයකට අනුව ඉඩ ප්‍රස්ථාව ලබා දෙන්න රජය තීන්දු කරලා තියෙනවා. මහ බැංකුවත් ඒ ගැන එකඟතාව පළ කරලා තියෙනවා. ඒ නිසා ඉදිරියේදී ඒකට නිසි ක්‍රමවේදයක් සකස් කරලා දැනුම් දෙන්නම් ඒකට ක්‍රමවේදය මොකක්ද කියලා. ඒකට විවිධ අය සම්බන්ධ කරගෙන සාකච්ඡා පවත්වලා තියෙනවා. ඒ සියල්ල සලකා බලලා අපේ මුදල් පිටට එකපාර ගලාගෙන යන්නේ නැති විදිහටත් මේක ක්‍රමානුකූලව කරන්න ඕනේ”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT