Home » මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කරන දවස් මෙන්න

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කරන දවස් මෙන්න

by chanaka
October 29, 2024 10:14 am 0 comment

මෙවර පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු හෙට (30) සිට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

එම කොමිෂන් සභාව සඳහන් කළේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිශන් සභාවේ කාර්යාල, පොලිස්පති කාර්යාල ඇතුළු සියලු පොලිස් ස්ථානවල ද හෙට දිනයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවයි.

හෙට දිනයට අමතරව අදාළ කාර්යාලවල නොවැම්බර් මස 4 වැනිදා ද තැපැල් ඡන්දය සළකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී තිබේ.

ඊට අමතරව නොවැම්බර් මස පළමුවන දින සහ නොවැම්බර් මස 4 වන දින ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සළකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දි ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

අදාළ දිනවල දී තැපැල් ඡන්දය සළකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබේ.

එසේම මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා නිලධාරීන් දහසකට ආසන්න සංඛ්‍යාවක් යෙදවීමට බලාපොරොත්තු වන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT