Home » මන්ත්‍රී ධුර 15ක් හිමි කර ගනියි / සජබට මන්ත්‍රී ධුර 6යි
ඇල්පිටිය ඡන්දයෙන් ජාජබයට විශිෂ්ට ජයක්

මන්ත්‍රී ධුර 15ක් හිමි කර ගනියි / සජබට මන්ත්‍රී ධුර 6යි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට 3යි

by sachintha
October 28, 2024 12:52 am 0 comment

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකරගෙන තිබේ. ඒ, සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 17,295ක් ලබාගනිමිනි. ජාතික ජන බලවේගය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 17,295ක් වන අතර හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව 15කි.

සමගි ජන බලවේගය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 7, 924කි. හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව 6ක් වන අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 3, 597 ක් වන අතර හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව 3කි. පොදුජන එක්සත් පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 2,612 ක් හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව 2ක් වන අතර ස්වාධීන කණ්ඩායම ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 2,568 කි. හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව 2කි. පොදුජන එක්සත් නිදහස් සන්ධානය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 1,350 හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව1කි. ජාතික ජනතා පක්ෂය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 521කි. හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව 1ක් වන අතර දෙවන පරපුර ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 388 ක් වන අතර ඔවුන්ට මන්ත්‍රි ධුරයක් හිමිව නැත. ජනසෙත පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 50කි. මන්ත්‍රී ධුර හිමිව නැත.

සුභාෂිණී සේනානායක, ඇල්පිටිය සමූහ – චන්ද්‍රසිරි ගුණසේකර, දකුණු පළාත් සංචාරක – එස්. දීයගහගේ, ගාල්ල දිසා සමූහ – නන්දසිරි වැලිගමගේ, ගාල්ල උතුර සමූහ – දික්වැල්ලේ තිලකරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT