Home » පාකිස්තානය 2-1කින් ටෙස්ට් තරගාවලිය දිනයි

පාකිස්තානය 2-1කින් ටෙස්ට් තරගාවලිය දිනයි

by sachintha
October 28, 2024 1:12 am 0 comment

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති තෙවැනි ටෙස්ට් තරගය කඩුලු 9කින් ජය ගැනීමට සත්කාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

මේ සමඟ තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට පාකිස්තානයට හැකි විය.

රාවල්පින්ඩිහිදී පැවති මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත පළමු ඉනිම ලකුණු 267කට සීමා කළ පාකිස්තාන ක්‍රීඩකයෝ පළමු ඉනිම වෙනුවෙන් ලකුණු ලකුණු 344ක් රැස් කළහ. ලකුණු 77ක් පසුපසින් දෙවැනි ඉනිම ඇරඹූ එංගලන්තයට සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 112ක් පමණි. ඒ අනුව පාකිස්තානයට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 36කි.

පාකිස්තාන දෙවැනි ඉනිම බිඳ දැමූ නෝමන් අලි කඩුලු 6ක් සහ සජීඩ් ඛාන් කඩුලු 4ක් දවා ගත්හ. ඔවුන් දෙදෙනා පිළිවෙළින් පළමු ඉනිමේදී කඩුලු 3ක් සහ 6ක් බිඳ දැමූහ. පාකිස්තාන පළමු ඉනිමේදී ශතකයක් රැස් කළ සවුද් ෂාකීල් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.

මේ තරගාවලියේ පළමු තරගය එංගලන්තය ඉනිමකින් ජයගත් අතර, දෙවැනි තරගයේ ජය පාකිස්තානය සතු වූයේ ලකුණු 152කිනි.

මේ ජයග්‍රහණ ද්විත්වය සමඟ අයිසීසී ටෙස්ට් ලෝක ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ සිට 7 වැනි ස්ථානය දක්වා ඉහළට ඒමට පාකිස්තානයට හැකි වූ අතර, එංගලන්තය සිව්වැනි ස්ථානයේ සිට 6 වැනි ස්ථානය දක්වා පහතට වැටිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT