Home » විජයපුර කනිෂ්ඨයට කඩුලු පැනීමේ රන්-රිදී පදක්කම්

විජයපුර කනිෂ්ඨයට කඩුලු පැනීමේ රන්-රිදී පදක්කම්

by sachintha
October 28, 2024 1:12 am 0 comment

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේදී තණමල්විල අධ්‍යාපන කලාපයේ විජයපුර කනිෂ්ඨ විද්‍යාලයේ කිනුරි කවීෂා16 පහළ බාලිකා මීටර් 100 කඩුලු පැනීම තරගය තත්පර 15.10කින් නිම කොට රන් පදක්කම හා චමල්ෂා දෙව්මිණි එම ඉසව්ව තත්පර 15.11 කාලයකින් නිම කර, රිදී පදක්කම දිනා ගත්හ. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවති මේ තරගාවලියේදී චමල්ෂා දෙව්මිණි මීටර් 300 කඩුලු පැනීමේ ඉසව්ව තත්පර 46.3කින් නිම කොට රිදී පදක්කම හිමිකර ගත්තාය.

විදුහල්පති එල්.ඒ. චන්ද්‍රාවතී මහත්මියගේ මඟපෙන්වීම මත ක්‍රීඩා භාර ආචාර්ය ඩබ්ලිව්.ජී.ජේ. උදයංග මහතා ක්‍රීඩිකාවන් දෙදෙනාගේ පුහුණුකරු ලෙස කටයුතු කර ඇත.

ඌව වෙල්ලස්ස විශේෂ ඩී.එස්. ගුණතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT