Home » කැකිරාව බස් නැවතුමේ අලි වළවල් කඩිනමින් පිළිසකර කර දෙන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලති

කැකිරාව බස් නැවතුමේ අලි වළවල් කඩිනමින් පිළිසකර කර දෙන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලති

by sachintha
October 28, 2024 1:35 am 0 comment

යාපනය – මහනුවර ඒ- 09 ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති කැකිරාව නගරයේ බස් නැවතුම්පොළ භූමිය දැඩි ලෙස අබලන් වීම හේතුවෙන් තමන් දැඩි සේ පීඩාවට පත්ව ඇති බව රියැදුරන් සහ මගී ජනතාව මැසිවිලි නගති.

මේ දිනවල පවතින වර්ෂාවත් සමඟ බස් නැවතුම්පොළෙහි වළවල් සියල්ලම ජලයෙන් පිරීගොස් ඇත. මේ හේතුවෙන් මගී ජනතාවට බස් නැවතුම්පොළෙහි ගමන් කිරීම දුෂ්කරවී තිබේ. තවද බස් රථ රියැදුරන් කියා සිටියේ මේ හේතුවෙන් බස් නැවතුම්පොළෙහි බස් රථ හැසිරවීමටද අපහසු බවයි. ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ අදාළ බලධාරීන් මේ පිළිබඳ සොයා බලා නිසි ප්‍රමිතියෙන් යුතුව බස් නැවතුම්පොළ භූමිය සකස්කර දෙන ලෙසයි.

මරදන්කඩවල සමූහ – කේ.එස්. කරුණාරත්න.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT