1988 අග භාගය වනවිට දේශපාලන ප්‍රතිමල්ලවයන් ඝාතනය කර දැමීමට නීතිමය බලය සපයමින් එක්සත් ජාතික පක්‍ෂ රජය ගෙන ආ වගකීමෙන් ආරක්‍ෂා කිරීමේ පනතට එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ඍජුවම විරෝධය පෑ එකම පුද්ගලයා ආරිය බුලේගොඩය. ඒ වනාහි මිනීමරුවන්ට බලපත්‍ර ලබා දෙන පනතකි.
ජනාධිපති ආර්. ප්‍රේමදාස 1993 මැයි 01 ඝාතනය වීමෙන් පසු රට තුළ දේශපාලනය කෙමෙන් වෙනස් වෙමින් පැවතිණි. වසර 1994 වනවිට මුලින්ම පැවැත්විය යුතුව තිබුණේ ජනාධිපතිවරණයයි. එහෙත් ජනාධිපති ඩී. බී. විජේතුංග මහමැතිවරණයක් ප්‍රථමයෙන් පැවැත්වීමට තීරණය කළේය. මෙම 1994 මහමැතිවරණය ජවිපෙට තීරණාත්මක සංධිස්ථානයක් විය. ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ මෙහි දී දුෂ්කර එමෙන්ම අභියෝගාත්මක තීරණයක් ගනිමින් ප්‍රසිද්ධ දේශපාලනයට ජවිපෙ යළි ඇතුළත්වීමට තීරණය කරන ලදී. විශේෂයෙන්ම ජවිපෙ නිල අයිතිය ලබාගැනීමටත්, ජවිපෙ යළි ගොඩනැගීමට ඉඩ ප්‍රස්තාව විවර කර ගැනීමටත් එය අනගි අවස්ථාවක් විය. එහෙත් විදේශගතව සිටි සහ රට තුළ ඒ වනවිට යළි සබඳකම් ගොඩනඟාගෙන සිටි සුළු පිරිසක් කියා සිටියේ කඩාකප්පල් වූ සරසවි අධ්‍යාපනය යළි නිමකර ගැනීමටත්, කැරැල්ලට එක්ව හෙළිදරව් නොවූ සාමාජිකයන්ගේ ආරක්ෂාව සඳහාත්, මැතිවරණයට තරග නොකළ යුතු බවය. ඇතැමුන් අපේක්ෂකයන් ලෙස තරග වැදීමට කැමැත්ත පළ කළේ ද නැත. නායක සෝමවංශගේ අදහස වූයේ ඇතිවී ඇති වාසිදායක සීමිත අවකාශයෙන් සතුරාට වාසිසහගත වන අන්දමින් තව තවත් කැලයට තල්ලුවී නොයා යුතු අතර මේ මොහොතේ ප්‍රසිද්ධ දේශපාලන ප්‍රවාහයට බලහත්කාරයෙන් කඩාවැදිය යුතු බවය. ආරක්ෂාව පතා ජවිපෙ තවතවත් කටුව ඇතුළට රිංගා ගතහොත් ඉතිහාසයෙන් ජවිපෙ අතුගා දමන්නට සතුරාට පහසුවන බව ද නිසි වේලාවට නිසි තීරණ ගැනීමට බිය විය යුතු නැති බව ද ජවිපෙ නායකයා දේශීය සහ විදේශීයව සිටින ජවිපෙ සාමාජිකයන්ට සහ හිතවතුන්ට අවධාරණය කළේය.
ඒ වනවිට ද ජවිපෙ මධ්‍යගතභාවයක් ගොඩනැඟී නොතිබුණු අතර විසිරුණු එම කණ්ඩායම්වල පිරිස් අතර තාවකාලික ගොනුවක් ඇතිකර ගනිමින් 1994 අගෝස්තු 16 මහමැතිවරණයට තරග කිරීමට තීරණය කරන ලදි. ජවිපෙ නව ජවයකින් 1994 ජූලි සහ අගෝස්තු ජනතාව අතර දේශපාලන කටයුතුවලට පිවිසීමත් සමඟ නව පෙරළියකට මූලික අඩිතාලම සැකසිණි. මහමැතිවරණයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක් ආසනයක් හිමිවිය.
එම දිනාගත් මන්ත්‍රී ආසනය ‘පැහැර ගැනීමට’ විවිධ පාර්ශ්වයන් උත්සාහ ගත්තේය. මහමැතිවරණයකට ඉදිරිපත්වීමට ජවිපෙට බාධාවක් වූයේ පක්ෂයේ නීත්‍යානුකූලභාවය පිළිබඳව ගැටලුවක් ඇති හෙයින් එය මැතිවරණ කොමසාරිස් විසින් එතෙක් පිළිනොගැනීමය. එබැවින් නායක සෝමවංශ අමරසිංහ විසින් ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ සහ ජවිපෙ එක්ව සන්ධානයක් ගොඩනංවනු ලැබීය. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණේ මධ්‍යම කාරක සභා රැස්වීම් තුනක දී සාකච්ඡා කර තීරණයක් අනුව 1994 ජුනි 1 ජවිපෙ සමඟ ඒකාබද්ධ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදි. ජාතිය ගලවාගැනීමේ පෙරමුණ 1994 ජුනි 21 නිල වශයෙන් ගොඩනඟා මැතිවරණ කොමසාරිස් වෙත 1994 ජුනි 24 ඒ පිළිබඳව දැනුම් දෙන ලදි. එහෙත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා නව පෙරමුණ ලියාපදිංචි කිරීමට නොහැකි විය. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ නාමිකව ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ ලෙස නම් කරමින් මහමැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කරන ලදි. ප්‍රගතිශීලි පෙරමුණේ ලාංඡනය වූ හංසයා වෙනුවට මල් බඳුන ලාංඡනය තෝරා ගන්නා ලදි. එහි ලිපිනය වූයේ නුගේගොඩ, පාගොඩ පාරේ 7වැනි පටුමගේ අංක 7 දරන ස්ථානයයි. එය ආරිය බුලේගොඩගේ වැඩිමහල් සොහොයුරියගේ නිෙවසකි.
මාතර, අකුරැස්සේ දී 1943 මැයි 11 වැනි දින ආයුර්වේද වෙද පවුලක උපත ලැබූ ආරිය බුලේගොඩ දෙදරු පියෙකි. ලලනි බුලේගොඩ, ආරිය බුලේගොඩගේ බිරියය. ඇය දකුණේ වැලිගම කීර්තිමත් ඉලංගකෝන් පරම්පරාවේ ප්‍රධාන පුරුකකි.
ඇයගේ පියා වන්නේ පානී ඉලංගකෝන් මහතාය. ඇය ගුරුවරියක්, පිරිසුදු දේශපාලන චරිතයක්, ආදරණීය අම්මා කෙනෙක්, සෙනෙහෙවන්ත බිරියක්, කාර්යක්ෂම ගෘහණියක්, සමාජශීලී කාන්තාවක් ලෙස කටයුතු කළාය. ඇය දරුවන් දෙදෙනෙකුට උපත දෙන්නීය. ඔවුන් හර්ෂණ බුලේගොඩ සහ ලක්මාලි සුබාෂිණී බුලේගොඩය.
එක්දහස් නවසිය හැටේ අවසන් භාගයේ විදුදය සරසවියට ඇතුළත් වූ බුලේගොඩ මහතා, 1965 වසරේ දී ඉතිහාසය පිළිබඳ ගෞරව උපාධිය ලැබීය. කොළඹ හැ දී වැඩී කොළඹ දී අධ්‍යාපනය ලැබූ ඒ මහතා, උසස් අධ්‍යාපනයෙන් පසු සේවය කිරීම සඳහා තෝරා ගත්තේ තම ජන්ම භූමියට ආසන්නව පිහිටා තිබුණු විදුදය සරසවියේ අනුබද්ධ ආයතනයක් වූ සපුගොඩ විද්‍යා නිකේතන පිරිවෙන් ආයතනයයි. එහි දීප්තිමත් ආචාර්යවරයකු ලෙස උසස් නමක් දිනා සිටි ඔහු විශ්‍රාම යනතුරු එම ආයතනයේම සේවය කළ අතර උගත් සිසුන් රැසක් බිහි කිරීමට හේ සමත් විය. විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය ලබන වකවානුව තුළදීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ශිෂ්‍ය ව්‍යාපාරයට සම්බන්ධ වූ බුලේගොඩ මහතා නිදහස් පක්ෂයේ උන්නතිය පතා ඇපකැපවී සේවය කළේය. දක්‍ෂ කථිකත්වයකින් හෙබි බුලේගොඩ මහතා හොඳ සංවිධායකයකු ද විය. නොබෝ කලකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයේ සේවයට ගිය ඔහුට කිහිප වරක්ම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප ලේකම් පදවිය ලැබිණි. අකුරැස්ස හා හක්මණ මැතිවරණ කොට්ඨාසවල සංවිධායකයකු වශයෙන් ද මාතර ශ්‍රීලනිප දිස්ත්‍රික් සභාපති වශයෙන් ද කටයුතු කළේය. මානව අයිතිවාසිකම් සමුළු හා සංවර්ධන ව්‍යාපෘති උදෙසා විදේශ සංචාර කිහිපයක යෙදුණු බුලේගොඩ මහතා ඒ හැම චාරිකාවකින්ම අප රටට වැදගත් යමක් රැගෙන ආවේය. ඔහු සහභාගි වූ පාර්ලිමේන්තු කාරක සභා සැසිවාරවල දී මෙන්ම සර්වපාක්‍ෂික සමුළු අවස්ථාවල දී රටේ සංවර්ධනයට අතිශය හිතකර අදහස් උදහස් ඉදිරිපත් කළේය.
තවද සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතියත් විපක්ෂ නායකත්වයත් පක්ෂ කාර්යාලයත් අත ලකුණත් අහිමිව සිටි අඳුරු සමයේ පක්‍ෂයේ අනන්‍යතාව රැක ගනිමින් අනාගත ජයග්‍රහණයට සියලු වැඩසැලසුම් ක්‍රියාත්මක කළ අය අතර බුලේගොඩ මහතා ද ඇපකැපවී ක්‍රියා කළ ජන නායකයෙකි. එක්දහස් නවසිය අසූ නවය වර්ෂයේ දී බුලේගොඩ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී එවකට ගම්පහ ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීව සිටි ඇස්.ඩී. බණ්ඩාරනායක මහතාගේ සහායෙන් හා අධිනීතිඥ ප්‍රින්ස් ගුණසේකර මහතාගේ උපදෙසින් “ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ” නමින් ඔහුගේ නායකත්වයෙන් යුත් නව දේශපාලන පක්‍ෂයක් පිහිටුවා ගත්තේය.
1988 අග භාගය වනවිට දේශපාලන ප්‍රතිමල්ලවයන් ඝාතනය කර දැමීමට නීතිමය බලය සපයමින් එක්සත් ජාතික පක්‍ෂ රජය ගෙන ආ වගකීමෙන් ආරක්‍ෂා කිරීමේ පනතට එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ඍජුවම විරෝධය පෑ එකම පුද්ගලයා ආරිය බුලේගොඩය. ඒ වනාහි මිනීමරුවන්ට බලපත්‍ර ලබා දෙන පනතකි. ඒ ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ආරිය බුලේගොඩ සහෝදරයා එවකට ගොඩනඟා තිබූ ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණේ සභාපති එස්.ඩී. බණ්ඩාරනායක මන්ත්‍රීවරයා හරහා එම පනතට එරෙහිව පාර්ලිමේන්තුවේ දී ඡන්දය ලබා දෙනු ලැබීය. එකී පනතට එරෙහිව ලබා දී තිබුණේ ඡන්ද දෙකක් පමණක් වන අතර, අනෙක් ඡන්දය ලබා දී තිබුණේ එවකට කලවාන මන්ත්‍රීව සිටි ඩිව්. ගුණසේකර විසිනි. ආරිය බුලේගොඩ විසින් බිහිකළ ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ 1989 දී පිළිගත් දේශපාලන පක්ෂයක් බවට පත්විය. මෙය සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමයෙන් බැහැර වූ මානව හිමිකම් හා පරිසරය සුරැකීම වෙනුවෙන් සක්‍රිය ලෙස දායක වූ බලපෑම් කණ්ඩායමක් සේ ගොඩනැඟිණ. බොහෝ ආචාර්ය, මහාචාර්යවරුන් මෙම පක්‍ෂය එංගලන්තයේ ෆ්‍රේබියන් සමාජය නම් වූ බලපෑම් සංවිධානයට සමාන කොට සැලකුණේ එහෙයිනි. එවක පැවැති සර්වපාක්‍ෂික සමුළුවට සහභාගි වූ පිළිගත් දේශපාලන පක්‍ෂ 26ක් ජවිපෙට සහ එල්ටීටීඊ කණ්ඩායම්වලට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පැමිණෙන ලෙස ආයාවනා කළහ. සමුළුවේ අවසන් භාගයේ එල්ටීටීඊය සහභාගි වුව ද නිරීක්ෂකයන් ලෙසින් හෝ සහභාගි වීමට ජවිපෙ එකඟ වූයේ නැත. ප්‍රගතිශීලී පෙරමුණේ කාර්යභාරය කෙරෙහි ජනතා විමුක්ති පෙරමුණේ විශ්වාසනීයත්වයක් පැවතිය. ආරිය බුලේගොඩ ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක්කර ගැනීමේ ප්‍රථම ප්‍රකාශය කළේය. ඊට අවශ්‍ය මූලික පදනම වශයෙන් පක්ෂ තහනම ඉවත් කිරීම. චෝදනා නොමැති දේශපාලන රැඳවියන් කොන්දේසි විරහිතව නිදහස් කිරීම, සරසවිවලට පනවා ඇති තහංචි ඉවත් කිරීම, හදිසි නීති හා මර්දන නීති ඉවත් කිරීම සිදුවිය යුතු බව අවධාරණය කළ ඔහු එසේ නොමැතිව ජනතා විමුක්ති පෙරමුණට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ඇරයුම් කිරීම නිෂ්ඵල බව ද පැවසීය.
පසුකාලීනව එනම් 1994 දී සෝමවංශ අමරසිංහ සහෝදරයා ආරිය බුලේගොඩ සහෝදරයාට ලිපියක් යැවීය. විදේශයක සිට එවන ලද එම ලිපියේ යළිත් ජවිපෙට ප්‍රජාතන්ත්‍රවාදී මාවතට පැමිණීමේ අවශ්‍යතාව සඳහන්ව තිබිණ. ඊට පිළිතුරු සැපයූ ආරිය බුලේගොඩ සහෝදරයා ලංකාවේ පිළිගත් දේශපාලන පක්‍ෂයක ලේකම්වරයකු වශයෙන් තමා කෙරෙහි විශ්වාසය තැබීම ගැන ස්තූති කරන බවත් අතීතයේ වැරදි නිවැරදි කරගෙන යළිත් ඒවා නොවන බවට ශපථ වී මහජන කැමැත්ත තුළින් දේශපාලනයට පිවිසීමට අදහස් කරන්නේනම් තමාත් ප්‍රගතිශීලී පෙරමුණත් ඊට සහාය ලබා දෙන බව පෙරළා දන්වා යැවීය. මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණට පසුකාලීනව එනම් 1994 දී ජවිපෙ වෙනුවෙන් සෝමවංශ අමරසිංහ සහෝදරයා ආරිය බුලේගොඩ සහෝදරයාට ලිපියක් යැවීය. විදේශයක සිට එවන ලද එම ලිපියේ යළිත් ජවිපෙට ප්‍රජාතන්ත්‍රවාදී මාවතට පැමිණීමේ අවශ්‍යතාව සඳහන්ව තිබිණ. ඊට පිළිතුරු සැපයූ ආරිය බුලේගොඩ සහෝදරයා ලංකාවේ පිළිගත් දේශපාලන පක්‍ෂයක ලේකම්වරයකු වශයෙන් තමා කෙරෙහි විශ්වාසය තැබීම ගැන ස්තූති කරන බවත් අතීතයේ වැරදි නිවැරදි කරගෙන යළිත් ඒවා නොවන බවට ශපථ වී මහජන කැමැත්ත තුළින් දේශපාලනයට පිවිසීමට අදහස් කරන්නේනම් තමාත් ප්‍රගතිශීලී පෙරමුණත් ඊට සහාය ලබා දෙන බව පෙරළා දන්වා යැවීය. මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණට අයත් කිසිදු ලිපි ලේඛනයක් සොයා ගැනීමට නොහැකිව තිබිණ. මැතිවරණ නීතියට අනුව, පක්‍ෂ ව්‍යවස්ථාවට අනුකූලව ලේකම්ගේ නම, පක්‍ෂ කාර්යාල ලිපිනය, බැංකු ගිණුම් ආදිය සැපයිය යුතුව තිබිණ. එමෙන්ම ජ.වි.පෙ. ව්‍යවස්ථාවේ පිටපතක් භාර දීමට විශ්වාසවන්තයකු නම් කරන ලෙස එවකට මැතිවරණ කොමසාරිස්ව සිටි චන්ද්‍රානන්ද ද සිල්වා මහතා දැන්වීමක් කළේය. එදා ඒ සඳහා සිටි එකම විශ්වාසවන්තයා වූයේ ආරිය බුලේගොඩයි. ඉදිරි සතියක් තුළ ජ.වි.පෙ. වලංගු දේශපාලන පක්ෂයක් බවට පත්විය. මේ වනවිට වෙනත් කණ්ඩායමක් ද ජවිපෙ අයිතිය වෙනුවෙන් ඉදිපත් වී සිටි අතර, ආරිය බුලේගොඩ සහෝදරයාගේ උපායශීලී ඥානයෙන් එම තත්ත්වයන් යටපත් කර සෝමවංශ අමරසිංහ සහෝදරයාට පක්ෂයේ අයිතිය ලබා ගැනීමට ඉඩ සැලසිණ. 1994 පාර්ලිමේන්තු මැතිවරණයේ ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ නිල අයිතිය මත මල් බඳුන ලාංඡනය යටතේ දිස්ත්‍රික් 19ක් පුරා තරග වදින්නට නායකත්වය සැපයූවේ ආරිය බුලේගොඩ සහෝදරයාය. ඔහු විසින් බේරාගත් විනාශ වන්නට සිටි දහස් ගණනක තරුණ පිරිස්වල ජීවිත මෙන්ම අතුරුදන් වූ පිරිස්වල මවුපියන්ගේ කඳුළ නිමන්නට ඔහුට හැකිවිය.
එක් දහස් නවසිය අනූනවය වර්ෂයේ දී ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණේ ක්‍රියාකාරීත්වය එම පෙරමුණේම ක්‍රියාකාරී තරුණ පිරිසකට පවරා දී යළිත් බුලේගොඩ මහතා තමන් කවදත් ඇලුම් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය. ඉන්පසු බුලේගොඩ මහතා අවසන් හුස්ම හෙලන මොහොත දක්වාම දකුණු පළාත් සභාවේ ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරයකු ලෙස තමන් උපන් මාතර ප්‍රදේශයට පමණක් නොව මුළු රටටම සේවය කළේය. දේශපාලන කටයුතුවලට අමතරව ශාස්ත්‍රීය කටයුතු ගැන ද උනන්දුවක් දැක්වූ බුලේගොඩ මහතා, පර්යේෂණ කෘති රැසක් බිහි කළේය.
ධර්මන් වික්‍රමරත්න හා රොහාන් ජයතුංග ප්‍රධාන හා ධර්මසිරි සුරවීරගේ ලිපි ඇසුරින්
නන්දික බැද්දේගම