Monday, April 21, 2025
Home » දිලුම්ගේ සංග්‍රහය මැකොස අත්හිටුවයි

දිලුම්ගේ සංග්‍රහය මැකොස අත්හිටුවයි

by sachintha
October 28, 2024 12:59 am 0 comment

සර්වජන බලය පක්ෂයේ ජාතික සංවිධායක මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර රැජින හෝටලයේ දී පැවති පාක්ෂික හමුවක් අතරතුර ලබාදීමට තිබූ සංග්‍රහයක් මහනුවර මැතිවරණ කාර්යාලයේ නිලධාරීන් විසින් අත්හිටවනු පියවර ගනු ලැබීය.

මෙම රැස්වීම පසුගිය 25 දින පස්වරුවේ පවත්වා තිබෙන අතර ඒ සඳහා 300ක පමණ පිරිසක් සහභාගි වී තිබේ. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය මඟින් ලබාදුන් තොරතුරකට අනුව මහනුවර මැතිවරණ කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් මහනුවර පොලිසියේ ද සහය ඇතිව අදාළ ස්ථානය පරික්ෂා කළ අවස්ථාවේ තේ පැන් සංග්‍රහයක් සමඟ කෙටි ආහාර ද ලබා දීමට සූදානම් කර තිබී ඇත. මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබිය දී දේශපාලන රැස්වීම් අතරතුර ආහාරපානවලින් සංග්‍රහ කිරීම වරදක් බව පෙන්වාදීමෙන් පසු හෝටල් කළමනාකාරීත්වය විසින් එම ආහාර ඉවත් කර ගැනීමට කටයුතු කර තිබේ.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT