ඉන්දීය ශ්‍රී ලංකා ධීවර ගැටලුව සහ දෙරටේ ධීවර සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා පැවත්වීම සඳහා නිලධාරීන් 12 දෙනකුගෙන් යුත් ඉන්දීය නියෝජිත පිරිසක් අද (28) දා මෙරටට පැමිණීමට නියමිතය. එම නියෝජිත පිරිස සහ ශ්‍රී ලංකාවේ නිලධාරීන් එක්ව පවත්වන සාකච්ඡාව හෙට (29) පෙරවරුවේ කොළඹ, මහවැලි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ආරම්භ කෙරේ.
මේ සාකච්ඡාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ධීවර අමාත්‍යාංශයේ ලේකම් නිශාන්ත වික්‍රමසිංහ, අතිරේක ලේකම් ධම්මික රණතුංග, ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහත්වරුන් ඇතුළුව, ධීවර අමාත්‍යාංශය, ධීවර දෙපාර්තමේන්තුව, නාරා ආයතනය, ජලජීවී වගා සංවර්ධන අධිකාරිය, වෙරළ ආරක්ෂක බළකාය, විදේශ කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු ආයතනය 20ක පමණ නිලධාරීන් පිරිසක් එක් වෙයි.
ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටලුවට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳුම් සෙවීම මෙන්ම දෙරටේ ධීවර සබඳතා පුළුල් කිරීමේ සාකච්ඡා පැවත්වීමද මෙම සාකච්ඡාවන්හි දී නියමිතව ඇත. ඉන්දීය ධීවරයන් මෙරට මුහුදේ සිදුකරන අහිතකර බොටම් ට්‍රෝලින් පන්නය නැවත්වීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වීම හෙට (29) සිදු කෙරෙනු ඇත.
බුද්ධිකා ඉඹුලාන