Monday, April 21, 2025
Home » කෝටියක කොන්ත්‍රාත්තුවකට කතක් මැරීමට කැසකැවූ සැකකරු අවියත් සමඟ දැලේ

කෝටියක කොන්ත්‍රාත්තුවකට කතක් මැරීමට කැසකැවූ සැකකරු අවියත් සමඟ දැලේ

by sachintha
October 28, 2024 12:58 am 0 comment

රුපියල් කෝටියක කොන්ත්‍රාත්තුවකට කාන්තාවක ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි පුද්ගලයකු ගිනි අවියක් සහ ජීව උණ්ඩ හයක් සමඟ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි. එම සැකකරු සන්තකයේ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ටී 56 ගිනි අවිවලට යොදනු ලබන ජීව උණ්ඩ 6ක් පොලිස් භාරයට ගෙන ඇත. හබරාදුව, මීපේ ප්‍රදේශයේ පදිංචි හෙ‍ෙරායින් මත්කුඩුවලට දැඩිව ඇබ්බැහිව සිටින පුද්ගලයකුට අහංගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරික කාන්තාවක ඝාතනය කිරීම සඳහා මෙම කොන්ත්‍රාත්තුව ලබා දී ඇති බවත්, ඒ සඳහා රුපියල් කෝටියක මුදලක් ලබාදීමට පොරොන්දු වී ඇති බවත් සඳහන් වෙමින් මනුෂ්‍ය ඝාතන හා… සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයට තොරතුරක් ලැබී තිබූ බව පොලිසිය කියයි. එම තොරතුරට අනුව අදාළ සැකකාර පුද්ගලයාව හබරාදුව මීපෙහන්දිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබූ බව ද පොලිසිය සඳහන් කරයි.

සැකකරුගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී අහංගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු එම ප්‍රදේශයේම කාන්තාවකගේ නමක් පවසා ඇයව වෙඩි තබා ඝාතනය කරන ලෙසත් ඒ සඳහා රුපියල් කෝටියක මුදලක් ලබා දීමට පොරොන්දු වී එකී මුදලින් රුපියල් 10000 ක අත්තිකාරම් මුදලක් මෙන්ම ගිනි අවියක් සහ ජීව උණ්ඩද ලබා දී, හෙ‍ෙරායින් මත්කුඩු ද ලබා දුන් බවට අනාවරණය කළ බව පොලිසිය කියයි.

සැකකරු කළ ප්‍රකාශ අනුව එම ව්‍යාපාරිකයා සතුව තවත් ගිනි අවි කීපයක් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර එම සැකකරුද අත්අඩංගුවට ගෙන ඔහුට එම ගිනි අවි ලද ආකාරය මෙන්ම එම ගිනිඅවි වෙනත් පුද්ගලයන් වෙත ලබා දී අපරාධ කර ඇත්ද ? ඒ කුමන අපරාධද ද ? ඒ කවුරුන්ද? යන්න පැති කිහිපයක් ඔස්සේ විමර්ශන කරන බව ද පොලිසිය සඳහන් කරයි.

26 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලකී රන්දෙණිය මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මනෝජ් ගයන්ත මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපල්වරුන් වන (70701) සම්පත් (91631) ගුණසිංහ, (97179) පෙරේරා (97598) රංගෙ බණ්ඩාර (37380) හේමචන්ද්‍ර (104597) කුමාර (16471) චාමික මහත්වරුන් පරීක්ෂණ පවත්වති.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ, ඌරගස්මං හන්දිය – අයි. ජයරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT