Home » නිරුවත් කර පොලිස් නවකවදය දුන් PC අත්අඩංගුවට

නිරුවත් කර පොලිස් නවකවදය දුන් PC අත්අඩංගුවට

by sachintha
October 28, 2024 12:57 am 0 comment

පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සිට තිස්සමහාරාමය පොලිස් ස්ථානයේ පුහුණු රාජකාරි සඳහා වාර්තා කරන ලද නවක පොලිස් කොස්තාපල්වරු තිදෙනෙක් නිරුවත් කර නවකවදය දුන් පොලිස් කොස්තාපල්වරයකු තිස්සමහාරාම පොලිසිය විසින් පෙරේදා (26) අත්අඩංගුවට ගෙන ඇත.

තිස්සමහාරාමය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත රණවීර (97451) නමැති මෙම පොලිස් කොස්තාපල්වරයා තිස්සමහාරාමය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (29) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මෙම නවකවදය ලබා දී ඇත්තේ තනිකඩ භට නිවාසයේ දී නිරුවතින් ජ්‍යෙෂ්ඨත්වය පිළිවෙළට මෙම නවක පොලිස් නිලධාරීන් පෝලිම් ගස්සවා බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. ආධුනික නිලධාරීන් තිදෙනකුට ලිංගික අතවර කිරීම, සාපරාධි බලහත්කාරය පෑම, සාපරාධි බිය ගැන්වීම, කෘෘර අමානුෂික හෝ නින්දිත ලෙස සැලකීම, අයුතු ලෙස සිරකර තැබීම හා සාපරාධි අයුතු ලෙස ඇතුළුවීම යන චෝදනා එල්ල කරමින් සැකකාර පොලිස් කොස්තාපල්වරයා අධිකරණයට ඉදිරිපත් කළ බව ද පොලිසිය සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT