35
කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය අද (28) සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් වීමත් සමඟ උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු එලෙස ආරම්භ කිරීමට තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කරන බැවින්, දුම්රිය හරස් මාර්ග භාවිත කරන මහජනතාව ඉතා සැලකිලිමත්ව හරස් මාර්ග භාවිතා කළ යුතු බව ද එම නිවේදනයේ දක්වා ඇත.
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සිදුකරන ආකාරය පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියේය.
සුභාෂිණී සේනානායක