Tuesday, April 22, 2025
Home » විදුලිසර වද්දා වන අලියකු මැරුවැයි ගොවියකුට විලංගු

විදුලිසර වද්දා වන අලියකු මැරුවැයි ගොවියකුට විලංගු

by sachintha
October 28, 2024 1:35 am 0 comment

මන්නාරම පරප්පන්කණ්ඩල් ප්‍රදේශයේදී විදුලිසර වද්දා අවුරුදු 15ක් පමණ වයසැති වන අලියකු මරාදැමීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කරන ගොවියකු වන ජීවී නිලධාරීන් විසින් පෙරේදා (26) අත්අඩංගුවට ගෙන ඇත.

වන අලියා මියගොස් සිටියදී ගම්වාසීන් පිරිසක් ඒ අලියාගේ සිරුර දැක, ග්‍රාම නිලධාරීවරයාට දැනුම් දී ඇත. ග්‍රාම නිලධාරිවරයා විසින් පොලීසියට හා වන ජීවී නිලධාරීන්ට කළ දැනුම් දීමක් මත නිලධාරීන් පිරිසක් පැමිණ පරීක්ෂණ ආරම්භ කොට තිබේ. මියගිය වන අලියාගේ හොඬවැල අසල විදුලිසර වැදුණු ලක්ෂණ දැකීමෙන් පසු අලියා මියගොස් ඇත්තේ විදුලිසර වැදීමකින් බවට තහවුරු කරගෙන ඇත.

පසුව කළ විමර්ශනවලදී වන අලියා මරාදැමීමට විදුලිය අදින ලද වයර් තොගයක් පළාතේ ගොවියකුගේ නිවෙසක තිබී සොයාගැනීමට වන ජීවී නිලධාරීන්ට හා පොලීසියට හැකි වී තිබේ. ඒ ඔස්සේ කළ පරීක්ෂණ අනුව සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මන්නාරම අධිකරණයට ඉදිරිපත් කිරීමට වන ජීවී නිලධාරීන් හා පොලීසිය විසින් පියවර ගනු ලැබ තිබේ.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT