Home » තලපති විජේගේ මංගල රැලියට ජන ගඟක් – තමිල්නාඩුව හෙල්ලෙයි

තලපති විජේගේ මංගල රැලියට ජන ගඟක් – තමිල්නාඩුව හෙල්ලෙයි

by chanaka
October 28, 2024 4:29 pm 0 comment

දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පී තලපති විජේ, තම නායකත්වයෙන් යුතු තමිල්ගා වෙට්රි කලගම් පක්ෂයේ මංගල රැලිය ඊයේ (27) පැවැත්වුණි.

තමිල්නාඩුවේ වික්‍රාවන්ඩි හිදී පැවති මෙම රැලියට අති විශාල ජනකායක් රැස්ව සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

උද්යෝගිමත් ආධාරකරුවන් විශාල පිරිසක් එහි සිටි බව සදහන් වේ.

එහිදී අදහස් පළකළ විජේ අවධාරණය කළේ, තමිල්නාඩුවේ දශක ගණනාවක් පුරා ක්‍රියාත්මක, ද්වි පක්ෂ දේශපාලනයට තිත තබා ප්‍රාන්තයේ ප්‍රධාන බලවේගය වීම සිය අපේක්ෂාව බවයි.

මේ වන විට 50 හැවිරිදි වියේ පසුවන තලපති විජේ, පසුගිය පෙබරවාරි මාසයේදී තමිල්ගා වෙට්රි කලගම් පක්ෂයේ කටයුතු ආරම්භ කළ අතර ඔහු 2026 පාර්ලිමේන්තු මැතිවරණයේදී තමිල්නාඩු දේශපාලනයට නව මානයක් එක් කරනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT