Monday, April 21, 2025
Home » බස් නැවතුම්පොළකට ට්‍රක් රථයක් කඩාවැදී ටෙල් අවීව් නුවර 40කට තුවාලයි

බස් නැවතුම්පොළකට ට්‍රක් රථයක් කඩාවැදී ටෙල් අවීව් නුවර 40කට තුවාලයි

-ත්‍රස්ත ප්‍රහාරයක් බවට සැකයක්

by sachintha
October 28, 2024 1:19 am 0 comment

ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර ගිලට් ප්‍රදේශයේ පිහිටි හමුදා කඳවුරක් අසල බස්නැවතුම්පොළකට සැක කටයුතු

ට්‍රක් රථයක් කඩා වැදීමෙන් පුද්ගලයන් 40 දෙනකු තුවාල ලබා ඇතැයි ඊශ්‍රායලයේ ජෙරුසලම් පෝස්ට් පුවත් සේවය වාර්තා කළේය. ඉන් 10 දෙනකුගේ තත්ත්වය බරපතළ බව ද වාර්තා වේ.

මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවට සැක කෙරෙන අතර, පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ. ට්‍රක් රථය සෙනඟ අතරට කඩා වැදීමෙන් පසු කුපිත වූ ජනතාව එහි රියැදුරු වෙඩි තබා ඝාතනය කර ඇතැයි ද පොලිසිය සදහන් කළ බව ජෙරුසලම් පෝස්ට් පුවත් සේවය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT