Saturday, April 19, 2025
Home » කෝටි හතක ‘අයිස්‘ සමග ව්‍යාපාරිකයෙක් ගුවන් තොටේ දී අත්අඩංගුවට

කෝටි හතක ‘අයිස්‘ සමග ව්‍යාපාරිකයෙක් ගුවන් තොටේ දී අත්අඩංගුවට

by chanaka
October 27, 2024 11:01 am 0 comment

රුපියල් හත් කෝටි තුන් ලක්ෂ හැට හතර දහසක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක්, සිය ගමන් මල්ලේ සහල් ඇසුරුමක් තුළ සගවා ගෙන, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට වී යාමට තැත් කළ ගුවන් මගියෙකු සහ ඔහු රැගෙන යාමට ගුවන් තොටුපොළ වෙත පැමිණි තවත් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු ගොතටුව ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කුකුළු ගොවිපළක් පවත්වා ගෙන යමින් සිටින ව්‍යාපාරිකයෙකි.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලක් තුළ, සහල් ඇසුරුමක බහා කිලෝ ග්‍රෑම් 05 යි ග්‍රෑම් 26 ක් බරැති මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙනැවිත් තිබුණි.

මොහු ගුවන් තොටුපොළේ සිට රැගෙන යාම සදහා වෑබොඩ ප්‍රදේශයේ 36 හැවිරිදි ටැක්සි රථ රියැදුරුවරයෙකු සහ ඔහුගේ සහායිකාව ලෙස 33 හැවිරිදි පානදුර, වාද්දුව ප්‍රදේශයේ පදිංචි තරුණියක ද, කාර් රථයකින් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගත් තිදෙනා , ඔවුන් පැමිණි මෝටර් රථය සහ අත් අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය අද(27) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර , මෙම සැකකරුවන් තිදෙනා රදවා තබා ගෙන ප්‍රශ්න කිරීම සදහා අවසර ලබා ගැනීමට ද නියමිතය.

කටුනායක ටී.කේ.ජී.කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT