පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සමඟ රාවල්පින්ඩිහිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන සංචාරක එංගලන්ත පිල ලකුණු 24කට කඩුලු 3ක් දැවී අසීරු තත්ත්වයක පසුවිය.
මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත පළමු ඉනිම ලකුණු 267කට සීමා කළ පාකිස්තාන ක්රීඩකයෝ පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 344ක් රැස් කළහ. ලකුණු 77ක් පසුපසින් දෙවැනි ඉනිම ඇරඹූ එංගලන්තය ඊයේ තරගය නතර කරන විට පාකිස්තාන පළමු ඉනිමට වඩා තවත් ලකුණු 53ක් පසුපසින් සිටියේය. ජෝ රූට් (5) සහ හැරී බෘෘක් (3) නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.
ඊයේ සවස තේ පානයෙන් පසුව තවත් ඕවර 12යි පන්දු 4කට මුහුණ දුන් පාකිස්තාන පිල ලකුණු 344කට දැවී ගිය අතර, අනගි ඉනිමක් ක්‍රීඩා කළ සාවුද් ශකීල් සිය සිව්වැනි ටෙස්ට් ශතකය ලෙස ලකුණු 134ක් රැස් කළේය. පන්දු යැවීමේදී රෙහාන් අහමඩ් කඩුලු 4ක් සොයිබ් බසීර් කඩුලු 3ක් සහ ගස් ඇට්කින්සන් කඩුලු 2ක් දවා ගත්හ.
අද තරගයේ තෙවැනි දිනයයි.