Monday, April 21, 2025
Home » ග්ලෝබල් සුපර් ලීග් විස්සයි20 තර­ගා­ව­ලිය ලබන මාසයේ

ග්ලෝබල් සුපර් ලීග් විස්සයි20 තර­ගා­ව­ලිය ලබන මාසයේ

by damith
October 26, 2024 1:14 am 0 comment

විවිධ රට­වල කණ්ඩා­යම් සහ­භාගි කර­ග­නි­මින් වාර්ෂි­කව පැවැ­ත්වී­මට සැල­සුම් කර ඇති ග්ලෝබල් සුපර් ලීග් (Global Super League) විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලියේ පළමු අදි­යර රට­වල් 5ක සහ­භා­ගි­ත්ව­යෙන් ගයා­නා­හිදී ලබන මස 26 වැනිදා ආරම්භ වෙයි.

බට­හිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආය­ත­නයේ අනු­මැ­තිය ඇතිව ගයානා රජයේ සහ­යෝ­ග­යෙන් සංවි­ධාන කරන මේ තර­ගා­ව­ලියේ පළමු අදි­ය­රට කැරි­බි­යන් ප්‍රිමි­යර් ලීග් (සීපී­එල්) ශූර­තාව දිනා­ගත් ගයානා ඇම­සන් වොරි­යර්ස්, පාකි­ස්තාන සුපර් ලීග් (පීඑ­ස්එල්) තර­ගා­ව­ලි­යට ක්‍රීඩා කරන ලාහෝර් ක්ලැන්ඩර්ස්, බංග්ලා­දේශ සුපර් ලීග් (බීපී­එල්) තර­ගා­ව­ලියේ රාන්ග්පූර් රයි­ඩර්ස්, එංග­ල­න්තයේ ටී20 බ්ලාස්ට් (T20 Blast) තර­ගා­ව­ලි­යට ක්‍රීඩා කරන හැම්ප්ෂ­යර් හැවක්ස් සමඟ ඔස්ට්‍රේ­ලි­යාවේ ප්‍රාන්ත කණ්ඩා­ය­මක් වන වික්ටෝ­රියා එක්වී­මට නිය­මි­තය.

මූලික වට­යේදී සෑම කණ්ඩා­ය­මක්ම සෙසු කණ්ඩා­යම් 4 සම­ඟින් තරග වදින අතර, තරග 11කින් සම­න්විත තර­ගා­ව­ලියේ මූලික වටයේ ප්‍රසාද ලකුණු සට­හනේ පෙර­මුණ ගන්නා කණ්ඩා­යම් දෙක අව­සන් මහා තර­ග­යට එක් වනු ඇත. එම තර­ගය දෙසැ­ම්බර් 7 වැනිදා පැවැත්වේ. තර­ගා­ව­ලියේ ශූර­යන්ට අමෙ­රි­කානු ඩොලර් මිලි­ය­න­යක ත්‍යාග මුද­ලක් හිමි වනු ඇත.

කෙසේ වෙතත් මේ දින­වල ජාත්‍ය­න්තර සහ ලීග් තර­ගා­වලි පැවැ­ත්වෙන බැවින් මේ තර­ගා­ව­ලි­යට එක්වන කණ්ඩා­යම් රැසක ක්‍රීඩ­ක­යන්ට තර­ගා­ව­ලිය අහිමි වීමට ඉඩ ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT