සංචාරක නවසීලන්ත ක්‍රිකට් පිල හමුවේ පිට පිට දෙවැනි තරගයේදීත් අසරණ වූ ඉන්දීය පිතිකරුවෝ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 156කට දැවී ගියහ.
දෙපිල අතර පළමු තරගයේ පළමු ඉනිමේදී ඉන්දීය පිල ලකුණු 46කට දැවී ගිය අතර, එම තරගයෙන් නවසීලන්තයට කඩුලු 8ක ජයක් අත්විය.
පූනේහිදී පැවැත්වෙන තරගයේ පළමු පන්දුවට පහර දුන් නවසීලන්තය පළමු ඉනිමට ලකුණු 259ක් රැස් කළ අතර, ලකුණු 103ක් ඉදිරියෙන් දෙවැනි ඉනිම ඇරඹූ නවසීලන්තය ඊයේ දෙවැනි දිනයට තරගය නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 198ක් රැස් කර තිබිණි. ඒ අනුව කඩුලු 5ක් අතැතිව සිටින නවසීලන්තය ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 301ක් ඉදිරියෙන් සිටී.
ටොම් බ්ලන්ඩල් (30) සහ ග්ලෙන් පිලිප්ස් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ. නායක ටොම් ලේතම් ලකුණු 86ක් ඉනිමට එක් කළේය. පන්දු යැවීමේදී වොෂිංටන් සුන්දර් කඩුලු 4ක් දවා ගෙන තිබිණි. ඔහු නවසීලන්ත පළමු ඉනිමේදී කඩුලු 7ක් දවා ගැනීමට ද සමත් විය.
රවින්ද්‍ර ජඩේජා ලකුණු 38ක් රැස් කරමින් ඉන්දීය පළමු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, නායක රෝහිත් ෂර්මා ලකුණු නොලබාත් විරාට් කෝලි එක් ලකුණකටත් දැවී ගියහ. පන්දු යැවීමේදී මිචෙල් සැන්ට්නර් කඩුලු 7ක් බිඳ දැමූ අතර, ග්ලෙන් පිලිප්ස් කඩුලු 2ක් දවා ගත්තේය.
අද තරගයේ තෙවැනි දිනයයි.