Home » නව­සී­ල­න්තය හමුවේ ඉන්දීය පිති­ක­රුවෝ යළි අස­රණ වෙති

නව­සී­ල­න්තය හමුවේ ඉන්දීය පිති­ක­රුවෝ යළි අස­රණ වෙති

by damith
October 26, 2024 1:05 am 0 comment

සංචා­රක නව­සී­ලන්ත ක්‍රිකට් පිල හමුවේ පිට පිට දෙවැනි තර­ග­යේ­දීත් අස­රණ වූ ඉන්දීය පිති­ක­රුවෝ දෙවැනි ටෙස්ට් තර­ගයේ පළමු ඉනි­මේදී ලකුණු 156කට දැවී ගියහ.

දෙපිල අතර පළමු තර­ගයේ පළමු ඉනි­මේදී ඉන්දීය පිල ලකුණු 46කට දැවී ගිය අතර, එම තර­ග­යෙන් නව­සී­ල­න්ත­යට කඩුලු 8ක ජයක් අත්විය.

පූනේ­හිදී පැවැ­ත්වෙන තර­ගයේ පළමු පන්දු­වට පහර දුන් නව­සී­ල­න්තය පළමු ඉනි­මට ලකුණු 259ක් රැස් කළ අතර, ලකුණු 103ක් ඉදි­රි­යෙන් දෙවැනි ඉනිම ඇරඹූ නව­සී­ල­න්තය ඊයේ දෙවැනි දින­යට තර­ගය නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 198ක් රැස් කර තිබිණි. ඒ අනුව කඩුලු 5ක් අතැ­තිව සිටින නව­සී­ල­න්තය ඉන්දීය පළමු ඉනි­මට වඩා ලකුණු 301ක් ඉදි­රි­යෙන් සිටී.

ටොම් බ්ලන්ඩල් (30) සහ ග්ලෙන් පිලිප්ස් නොදැවී කඩුල්ලේ රැඳී සිටි­යහ. නායක ටොම් ලේතම් ලකුණු 86ක් ඉනි­මට එක් කළේය. පන්දු යැවී­මේදී වොෂිං­ටන් සුන්දර් කඩුලු 4ක් දවා ගෙන තිබිණි. ඔහු නව­සී­ලන්ත පළමු ඉනි­මේදී කඩුලු 7ක් දවා ගැනී­මට ද සමත් විය.

රවින්ද්‍ර ජඩේජා ලකුණු 38ක් රැස් කර­මින් ඉන්දීය පළමු ඉනිමේ වැඩිම ලකු­ණු­ලා­භියා වූ අතර, නායක රෝහිත් ෂර්මා ලකුණු නොල­බාත් විරාට් කෝලි එක් ලකු­ණ­ක­ටත් දැවී ගියහ. පන්දු යැවී­මේදී මිචෙල් සැන්ට්නර් කඩුලු 7ක් බිඳ දැමූ අතර, ග්ලෙන් පිලිප්ස් කඩුලු 2ක් දවා ගත්තේය.

අද තර­ගයේ තෙවැනි දින­යයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT