Home » ඊගල්ස් කැට­ලිනා ගෝල්ෆ් දෙවැනි අදි­යරේ ශූරතා ලක්මාල්ට සහ දිලි­නිට

ඊගල්ස් කැට­ලිනා ගෝල්ෆ් දෙවැනි අදි­යරේ ශූරතා ලක්මාල්ට සහ දිලි­නිට

by damith
October 26, 2024 1:17 am 0 comment

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් සංවි­ධාන කළ ඊගල්ස් කැට­ලිනා කුස­ලාන ගෝල්ෆ් තර­ගා­ව­ලියේ දෙවැනි අදි­යරේ පිරිමි Net Score අංශය ජය ගැනී­මට විංග් කමා­න්ඩර් (විශ්‍රා­මික) ලක්මාල් ගුණ­ව­ර්ධන සමත් වූ අතර, එහි කාන්තා ශූර­තාව දිලිනි හෙන්නා­යක විසින් දිනා ගත්තාය. මෙහි අනු­ශූ­රතා පිළි­වෙ­ළින් ෂර්ලි කොරයා සහ ෆ්‍රෑන්ක් ද මෙල් සතු වූහ.

කොග්ගල කැට­ලිනා ගෝල්ෆ් පිටියේ පැවති මේ තර­ගා­ව­ලියේ Gross Score අංශ­යෙන් ද ලක්මාල් සහ දිලිනි ජය­ගත් අතර, එහි අනු­ශූ­රතා හිමි­වූයේ ගයා­ෂාන් විජේ­සිංහ සහ ෆ්‍රෑන්ක් ද මෙල්ටය. Longest Drive පිරිමි අංශයේ ජය විංග් කමා­න්ඩර් කුමාර ගුරුගේ සහ කාන්තා අංශයේ ජය ශ්‍රියන්ති පීරිස් දිනා­ගත් අතර, Nearest to the pin පිරිමි ජය මර්වින් ප්‍රීනාට හිමි­විය.

ගුවන් හමු­දා­පති එයාර් මාර්ෂල් උදේනි රාජ­පක්ෂ මහ­තාගේ උප­දෙස් මත සංවි­ධාන කළ මේ තර­ගා­ව­ලියේ ජය සංකේත ප්‍රදා­නය හිටපු ගුවන් හමු­දා­පති එයාර් චීෆ් මාර්ෂල් කපිල ජය­ම්පති මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැ­ත්විණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT