Home » කොදෙ­ව්වන්ට එරෙ­හිව වසර 4කට පසු ශ්‍රී ලංකාව යළි පූර්ණ තර­ගා­වලි ජයක් සොයයි

කොදෙ­ව්වන්ට එරෙ­හිව වසර 4කට පසු ශ්‍රී ලංකාව යළි පූර්ණ තර­ගා­වලි ජයක් සොයයි

අද තර­ග­යේදී අවිශ්ක වෙනු­වට පැතුම්ට අව­ස්ථා­වක්

by damith
October 26, 2024 1:20 am 0 comment

ප්‍රින්ස් ගුණ­සේ­කර පල්ලෙ­කැලේ සිට...
දෙවැනි තරගයේ වීරයා මහිෂ් තීක්ෂණ

සංචා­රක බට­හිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව අතර තෙවැනි හා අව­සන් එක්දින තර­ගය පල්ලෙ­කැලේ ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී අද පස්වරු 2.30ට ආරම්භ වේ. තරග 3කින් සම­න්විත තර­ගා­ව­ලිය දැන­ට­මත් 2-0ක් ලෙස ජය­ගෙන සිටින ශ්‍රී ලංකා පිල වසර 4කට පසු කොදෙව් පිලට එරෙ­හිව ශ්‍රී ලංකා­වේදී පූර්ණ තර­ගා­වලි ජයක් යළි සට­හන් කිරීම අදි­ටන් කර­ගෙන සිටී. එහෙත් දිගින් දිග­ටම ලබන පරා­ජයේ ලැජ්ජා­වෙන් මිදීම වෙනු­වෙන් මේ තර­ගය ජය ගැනී­මට කොදෙව්වෝ සියලු ප්‍රයත්න දර­මින් සිටිති.

ශ්‍රී ලංකා – කොදෙව් විස්සයි20 තර­ගා­ව­ලිය 2-1ක් ලෙස ජය ගනි­මින් ශ්‍රී ලංකාව ඉදි­රි­යට පැමිණි පසු­බි­මක මේ ජාත්‍ය­න්තර එක්දින තර­ගා­ව­ලිය ආරම්භ වූ අතර, එහිදී පිට පිට තරග දෙකම පරා­ජ­ය­වීම කොදෙව් පිලේ මාන­සි­ක­ත්ව­යට බෙහෙ­වින් බලපා තිබේ.

ශ්‍රී ලංකාව සහ බට­හිර ඉන්දීය කොදෙව් අතර පැවති පළමු හා දෙවැනි එක්දින තරග දෙකේ­දීම කඩුලු 5 බැගින් ශ්‍රී ලංකා පිල ජය වාර්තා කළ ද, එම තරග දෙක­ටම වර්ෂාව බාධා කිරීම හේතු­වෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ප්‍රති­ඵ­ලය තීර­ණය කිරී­මට විනි­සු­රු­වන්ට සිදු විය.

අද පැවැ­ත්වෙන තුන්වැනි එක්දින තර­ග­යට ද වර්ෂාව බාධා කරනු ඇතැයි කාල­ගුණ අනා­වැ­කියේ සඳ­හන් වේ. කාල­ගුණ අනා­වැකි වලට අනුව, පල්ලෙ­කැලේ ජාත්‍ය­න්තර ක්‍රීඩාං­ග­ණයේ තර­ගය මුළු කාල­යේ­දීම පැවැ­ත්වෙනු ඇතැයි බලා­පො­රොත්තු තබා­ගත නොහැක.

උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක 28ත් 34ත් අතර වනු ඇතැයි අපේක්ෂා කරන අතර, බට­හිර දෙසින් සුළං සමඟ වර්ෂාව ඇඳ හැලී­මට ඉඩ තිබේ. අනා­වැ­කි­යට අනුව වර්ෂා­ප­ත­න­යට 85%ක සම්භා­වි­තා­වක් පව­තින අතර ගිගු­රුම් සහිත වැසි ඇති­වීමේ සම්භා­වි­තාව 25%කි. දවස පුරා කාල­ගු­ණය තෙත් වනු ඇතැයි අපේක්ෂා කරන අතර, විටින් විට වැසි සහ 95%ක පමණ වලා­කුළු ආව­ර­ණ­යක් ද ඇති වේ. ඒ නිසා තර­ග­යට වර්ෂා­වෙන් බාධා එල්ල වන බව කාල­ගුණ අනා­වැ­කියේ සඳ­හන්ව තිබේ.

පල්ලෙ­කැලේ තණ­තී­රුව නිමාවූ තරග දෙකේ­දීම දෙවැනි ඉනිමේ පිති­ක­රු­වන්ට වාසි­දා­යක වූවේය. එම තරග දෙකේදී ඉදි­රි­යෙන් සිටි පිති­කරු බවට පත්වූයේ ෂේර­ෆේන් රද­ෆර්ඩ්ය. ඔහු ඉනිම දෙකේදී හයේ පහර 7ක් සමඟ ලකුණු 154ක් ලබා­ගත් අතර, චරිත් අස­ලංක තරග දෙකේදී හයේ පහර 4ක් සමඟ ලකුණු 139ක් ලබා ගත්තේය. නිශාන් මධූෂ්ක ලකුණු 107ක් හා සදීර සම­ර­වි­ක්‍රම ලකුණු 56ක් ලබා සිටිති.

පල්ලේ­කැලේ තණ­තිල්ලේ ස්වභාවය අනුව දඟ පන්දු යව­න්නන් කඩුලු බිඳ හෙළා ගත්ත ද වේග පන්දු යව­න්නන් ඉක්ම­නින් දෝල­නය ලබා ගනී. වනිඳු හස­රංග කඩුලු 6ක්, ගුඩා­කේෂ් මෝති කඩුලු 4ක් බිඳ හෙළා ගනිද්දී වේග පන්දු යව­න්නන් වන අල්සාරී ජෝෂප් කඩුලු 4ක් හා අසිත ප්‍රනාන්දු කඩුලු 3ක් බිද හෙළා ගත්හ.

ශ්‍රී ලංකා පිති­ක­රණ පුහු­ණු­කරු තිළිණ කණ්ඩම්බි මහතා ඊයේ පැවති මාධ්‍ය හමු­වේදී පැව­සුවේ ආර­ම්භක පිති­කරු ලෙස යළි පිටි­යට පිවි­සී­මට පැතුම් නිශ්ශංක සූදා­න­මින් සිටින බවය. එහෙත් ඒ සම්බන්ධ අව­සන් තීර­ණය ගත යුත්තේ තේරීම් කමි­ටුව, පුහු­ණු­කරු හා නාය­කයා බවය. කෙසේ වුවද අද තර­ග­යේදී අවිශ්ක ප්‍රනාන්දු වෙනු­වට පැතුම් නිශ්ශංක ආර­ම්භක පිති­කරු ලෙස පිටි­යට පිවි­සෙනු ඇතැයි විශ්වා­ස­යවී තිබේ.

“පැතුම් ගැන තීර­ණය හෙට උදේ කණ්ඩා­යම නම් කරද්දී දැන ගන්න පුළු­වන්. චරිත් නාය­ක­යෙක් හැටි­යට වග­නීම් සහ­ගත පිති­ක­ර­ණ­යක යෙදෙ­නවා. ඒක අපිට විශාල වාසි­යක්. නිශාන් මධුෂ්ක ‘ඒ’ කණ්ඩා­යමේ හොඳින් ක්‍රීඩා කළ නිසා එක්දින සංචි­ත­යට ආවේ. ලැබුණු අව­ස්ථා­වෙන් ඔහු ප්‍රයෝ­ජ­නය ගත්තා. ඉදි­රි­යේදී නව­සී­ලන්ත පිල ශ්‍රී ලංකා­වට එනවා. ඒකත් වැද­ගත් තර­ගා­ව­ලි­යක්” කණ්ඩම්බි මහතා පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT