Sunday, April 20, 2025
Home » ශ්‍රී ලංකා නෙට්බෝල් ක්‍රීඩි­කාවෝ මූලික වටයේ සියලු තරග ජය ගනිති

ශ්‍රී ලංකා නෙට්බෝල් ක්‍රීඩි­කාවෝ මූලික වටයේ සියලු තරග ජය ගනිති

මාල­දි­ව­යින ලකුණු 80-32කින් පර­ද­වයි

by damith
October 26, 2024 1:19 am 0 comment

ප්‍රින්ස් ගුණ­සේ­කර

ආසි­යානු නෙට්බෝල් ශූර­තා­ව­ලියේ පිට පිට හය­වැනි ජය­ග්‍ර­හ­ණය වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩි­කාවෝ ඊයේ මාල­දි­ව­යින ලකුණු 80 – 32ක් ලෙස පරා­ජ­යට පත් කොට මූලික වටයේ සියලු තරග ජය­ග්‍ර­හ­ණය කර­මින් ප්‍රබල තත්ත්ව­යක සිටි­යහ.

ඉන්දි­යාවේ බැංග­ලෝර්හි කොර­ම­න්ගලා ගෘහස්ථ ක්‍රීඩාං­ග­ණයේ පැවැ­ත්වෙන මේ ශූර­තා­ව­ලි­යේදී මාල­දි­ව­යින කණ්ඩා­යම පළමු කාර්තු­වේදී ලකුණු 18 – 07කින් පරා­ජය කළ අතර, පළමු භාගය නිමා­වෙද්දී ලකුණු තත්ත්වය 43 – 13ක් විය. තෙවැනි කාර්තු­වේදී ලකුණු 64 – 24ක් ලෙස ශ්‍රී ලංකා පිල පෙර­මුණ ගත්තේය.

මෙතෙක් ශ්‍රී ලංකාව සහ­භා­ගිවූ තර­ග­ව­ලදී මැලේ­සි­යාව ලකුණු 72 – 40කින්, ජපා­නය ලකුණු 85 – 18කින්, ඉන්දි­යාව ලකුණු 81 – 31කින්, සෞදි ආර­බි­යාව ලකුණු 115 – 5කින් හා පිලි­පී­නය ලකුණු 73 – 43කින් පරා­ජය කළේය. ශ්‍රී ලංකා නෙට්බෝල් පිල වසර 1989 සිට 6 වතා­වක් ආසි­යානු නෙට්බෝල් ශූර­තාව දිනා­ගත් අතර, සිංග­ප්පූ­රුව අවස්ථා 3කදී හා මැලේ­සි­යාව අවස්ථා 2කදී ආසි­යානු ශූරියෝ වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT