Wednesday, April 23, 2025
Home » අලි­යා පෙරළූ පොල් ගසෙන් දෙහි­වත්ත විදුහලේ වහලය විනාශයි

අලි­යා පෙරළූ පොල් ගසෙන් දෙහි­වත්ත විදුහලේ වහලය විනාශයි

by damith
October 26, 2024 1:16 am 0 comment

ත්‍රිකු­ණා­ම­ලය විශේෂ - ඒ.ටී.එම්. ගුණා­නන්ද

සේරු­විල අධ්‍යා­පන කොට්ඨා­ස­යට අයත් දෙහි­වත්ත මහා විද්‍යා­ල­යට ඊයේ (25) අලු­යම කඩා වැදුණු අලි­යකු පෙරළා දැමූ පොල් ගසක් පාසල් ගොඩ­නැ­ඟි­ල්ලක වහ­ලය මතට වැටී­මෙන් එම ගොඩ­නැ­ඟිල්ලේ වහ­ල­යට හානි සිදු වී ඇතැයි සේරු­නු­වර පොලි­සිය පැව­සීය.

අලියා පෙරළූ ගස පාසල් ගොඩ­නැ­ඟිල්ලේ වහ­ලය මතට කඩා වැටී­මෙන් වහ­ල­යට හා උළු කැට හත­ළි­හ­කට පමණ හානි සිදුව ඇතැයි විදු­හ­ල්පති බී.ජී.එස්. විජේ­කු­මාර මහතා පොලි­සි­යට කළ පැමි­ණිල්ලේ සඳ­හන් වේ. මීට අම­ත­රව පාසල් ජල­නල පද්ධ­ති­යට ද හානි සිදු කර තිබේ.

ඇතැම් දින­වල උදෑ­සන හයට පමණ තමන් පාසල විවෘත කිරී­මට එන විට අලියා පාසල තුළ රැඳී සිටින බවත්, එවැනි අව­ස්ථා­වල අවට මවු­පි­යන් කැඳවා අලියා එළවා දමන අවස්ථා ඇති බවත් විදු­හ­ල්ප­ති­ව­රයා කීය. සිදුව ඇති හානිය පිළි­බඳ කලාප අධ්‍යා­පන අධ්‍ය­ක්ෂ­ව­රයා ද දැනු­ම්වත් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT