Home » යතු­රු­පැදි-රන්මාල ඉස්සූ ගම්පහ හතේ කල්ලිය දැලේ

යතු­රු­පැදි-රන්මාල ඉස්සූ ගම්පහ හතේ කල්ලිය දැලේ

by damith
October 26, 2024 1:19 am 0 comment

ගම්පහ අති­රේක

ගම්පහ පොලිස් කොට්ඨා­ස­යට අයත් පොලිස් බල­ප්‍ර­දේශ ගණ­නා­වක් තුළ කාල­යක් පුරා යතු­රු­පැදි සොරා­ගැ­නීම් සහ රන්මාල කොල්ල­කෑමේ යෙදී සිටි මත්ද්‍රව්‍ය භාවි­ත­යට යොමු වූ පුද්ග­ල­යන් හත් දෙන­කු­ගෙන් යුත් කල්ලි­යක් සමඟ යතු­රු­පැදි හයක් සහ රන් මාල 13ක් අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ බව යක්කල පොලි­සිය සඳ­හන් කළේය.

මත්ද්‍රව්‍ය සහ සොර­කම් සම්බ­න්ධ­යෙන් ගම්පහ කොට්ඨා­සය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි ජගත් රෝහණ මහ­තාගේ උප­දෙස් මත උප පොලිස් පරී­ක්ෂක හෂාන් වීර­සිංහ මහතා ඇතුළු නිල­ධා­රින් පිරි­සක් යක්කල ප්‍රදේ­ශයේ සිදු කරන ලද විශේෂ සෝදි­සි­ය­කදී යතු­රු­පැ­දි­ය­කින් ගමන් කර­මින් සිටි පුද්ග­ල­යන් දෙදෙ­නකු අත්අ­ඩං­ගු­වට ගෙන ප්‍රශ්න කිරී­මේදී එම යතු­රු­පැ­දිය සොර­කම් කළ එකක් බවට අනා­ව­ර­ණය වීම මත අධි­ක­ර­ණ­යෙන් ලබා ගත් රැඳ­වුම් නියෝග යටතේ රඳවා ගනි­මින් කළ ප්‍රශ්න කිරී­මෙන් අන­තු­රුව සොරා­ගත් යතු­රු­පැදි හයක් සහ කොල්ලකෑ රුපි­යල් ලක්ෂ 20ක් පමණ වටිනා රන් මාල 13ක් විවිධ ස්ථාන­ව­ලදී සොයා ගත් බව ද පොලි­සිය පැව­සීය.

මොවුන් විසින් සොරා­ගනු ලබන යතු­රු­පැ­දි­වල අංක තහඩු වෙනස් කොට කොල්ල­කෑ­ම්වල යෙදී ඇති බවත්, මෙසේ සූක්ෂ්මව එන්ජින් පණ ගන්වා සොරා­ගන්නා යතු­රු­පැදි රැගෙන ගොස් වේය­න්ගොඩ ප්‍රදේ­ශයේ සඟවා තබන බවද පොලි­සිය හෙළි කර­ගෙන තිබේ. සොරා­ගෙන ඇති යතු­රු­පැ­දි­වල නියම හිමි­ක­රු­වන් සොයා­ගෙන ඇති අතර, කඩ­වත, යක්කල, වේය­න්ගොඩ, දිවු­ල­පි­ටිය, කිරි­බ­ත්ගොඩ සහ කිරි­ඳි­වැල යන ප්‍රදේ­ශ­ව­ලදී රන් මාල කොල්ල­කෑම් සිදු කළ බවද අනා­ව­ර­ණය වී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT