Tuesday, April 22, 2025
Home » පිරි­සුදු අලුත් පක්ෂ­යක් වන අපට මැති­ස­බ­යට එන්න ඉඩක් දෙන්න

පිරි­සුදු අලුත් පක්ෂ­යක් වන අපට මැති­ස­බ­යට එන්න ඉඩක් දෙන්න

එක්සත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී හඬ පක්ෂයේ නායක රන්ජන් රාම­නා­යක

by damith
October 26, 2024 1:04 am 0 comment

බදුල්ල - නිශාන්ත අබේ­ගු­ණ­ව­ර්ධන

බොහෝ පක්ෂ­වල තිබුණේ සැලුන් දොර­වල්. නමුත් අපේ පක්ෂයේ අපි මයික් එක සල­කුණ වශ­යෙන් ගන්න අත­රම අපි අපේ පක්ෂයේ නාම­යෝ­ජනා දෙද්දි අපි පෙනේ­රය කියන එක අපි පාවිච්චි කළා. පෙනේ­රය දාලා බලද්දී මැණික් හම්බ වෙනවා. ඩය­මන්ඩ් හම්බ වෙන­වා­යැයි එක්සත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී හඬ පක්ෂයේ නායක රන්ජන් රාම­නා­යක මහතා පව­සයි.

ඔහු ඒ බව කියා සිටියේ බදුල්ල දිස්ත්‍රි­ක්ක­යට තරග වදින අපේ­ක්ෂක කණ්ඩා­යම හඳුන්වා දීමට පසු­ගි­යදා (23) රාත්‍රී බදුල්ල කැපි­ටල් සිටි හෝට­ලයේ පැවති හමු­ව­කට එක් වෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් රන්ජන් රාම­නා­යක මහතා මෙසේද පැව­සීය.

ඒ පෙනේ­ර­යට දාලා බලන කොට මුලින්ම ඩය­මන්ඩ් වඩි­වෙල්,ඩය­මන්ඩ් දිල්ශාන්,ඩය­මන්ඩ් පැතුම් කර්නර්,ඩය­මන්ඩ් රවි කුමු­දේශ් හම්බ වුණා.මේ අයත් හම්බ වුණා තවත් බොහෝ අයත් ඉන්නවා පෝලිමේ. ෆිල්ටර් කරලා තමයි ගන්න වෙන්නේ.එක දිගට ගන්න විදි­හක් නෑ. බොහෝ ඉල්ලීම් ගලා­ගෙන ආවත් පිරි­සුදු අලුත් පක්ෂ­යක් නිසා.දැන් හැමෝම දන්නවා එක්සත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී හඬ කියලා පක්ෂ­යක් ඇවිත් තිබෙ­නවා.ඒකට විවිධ ආගම් ජාති­වල විවිධ පුද්ග­ල­යන් අපට උදව් කර­නවා. අපි හිත­නවා පාර්ලි­මේ­න්තුවේ අලුත් පක්ෂ­යට ඉඩ කඩක් තිබෙ­නවා කියලා.දෙසිය විසි පහෙන් සිය­ලුම දේ ආණ්ඩු පක්ෂ­යට යන්නේ නෑ.අප­ටත් ඉඩක් දෙන්න කියන ඉල්ලීම තමයි අපි කරන්නේ යැයිද පව­සීය.

මහා­මැ­ති­ව­ර­ණය කැඳ­වීමේ කාල වේලාව එක්ක අප පක්ෂය තීර­ණය කලා දිස්ත්‍රික් විසි පහෙන් නව­ය­කට තරග කරන්න. ඒ නිසා එම දිස්ත්‍රික්ක නවයේ ඉන්න අපේ­ක්ෂ­ක­යින් ප්‍රව­ර්ධ­නය කිරි­මට හා ඔවුන් ධෛර්ය­වත් කිරී­මට අපේ පක්ෂයේ මහ­ලේ­කම් ඇතුළු කිහි­ප­දෙ­නෙකු ඔවුන් එම දිස්ත්‍රික් වලට ගිහින් හම්බ වෙමු කියලා යෝජනා කලා ඒ අනුව තමයි අපි බදු­ල්ලට එන්නේ.

මම පහු­ගිය ටිකේම අපේ පක්ෂය ගැන මාධ්‍ය­යට ඇවිල්ලා ප්‍රකාශ නිකුත් කළාම අපි අලුත්ම පක්ෂ­යක හදන්න හේතුව තමයි ජරා­ජීර්ණ වු ඕජස් ගලපු පක්ෂ අතර අලුත් පක්ෂ­ය­කින් එන්න කියලා මට මගේ රසික ජන­තාව ඇතුළු අය­ව­ලුන් දේශ­පා­ලන හිත­ව­තුන් යෝජනා කළා.

ප්‍රබල විප­ක්ෂ­යක් තිබිය යුතුයි ආණ්ඩු­ව­කට රටක් ගෙනි­යන්න අධික බලය දූෂි­තයි කියලා කියන හින්දා අපි මෙවර දිස්ත්‍රික් නව­ය­කින් උත්සහ කරන්නේ ප්‍රබ­ලම විප­ක්ෂය වෙන්න .

අපි ජන­තාව විශ්වාස කර­න­වාප අපි තිත්ත ඇත්ත කකා කරලා ඇත්ත­ටම හිරේ ගියා කියලා තමයි ජන­තාව කියන්නේ.

පාර්ලි­මේ­න්තුව තුළ අපේ පක්ෂය ක්‍රියා­ත්මක වන්නේ හැසි­රෙන්නේ ජන­තා­වා­දිව ජන­තා­වට හිතෛ­ෂීව ජනතා විරෝධී කිසි­වක් එක්සත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී හඬ කරන්නේ නෑ. ආණ්ඩු පක්ෂය විසින් කිසි­යම් හොඳ දෙයක් කර­නවා නම් හරි දෙයක් කර­න­වා­නම් ජන­තා­වාදී දෙයක් කර­න­වා­නම් අපි ඒවාට අත උත්සලා එකඟ වෙනවා ඒ වගේම ජනතා විරෝධී දෙයක් කර­න­වා­නම් අපිට එදා ඉඳලා කොන්ද තිබුණා ඒවාට විරුද්ධ වන්න.

හඬ­පට සිද්ධි­යට ඇත්ත­ටම සැම්සුන් කම්ප­නිය තමයි වරද කියන්න ඕනි. මොකද ඒ ෆෝන් එකේ තිබුණා ඩිරේක් රොකෝ­ඩින් සිස්ටම් එක. දැන් අලු­තින්ම එන ඇපල් ෆෝන් එකෙත් ඒ සිස්ටම් එක තියෙ­නවා කියලා රවි කුමු­දේශ් මහ­ත්තයා කීවා.

ඇත්ත­ටම සහෝ­ද­රයා ලෝකයේ බොහෝ මිනී මැරුම්, ඝාතන, වංචා කප්පම් හොර­කම් අල්ලා ගත්තේ සීසී­ටී­වී­ව­ලින් හා රොකෝ­ඩි­න්ව­ලින් වර­දක් කරන්නේ නැත්නම් රේකෝ­ඩි­න්ව­ලට බය වෙන්න ඕනි නෑ. අපේ රජයේ සම­හර ආය­තන සීසී­ටීවී දානවා කියලා උද්ඝෝ­ෂ­ණය කළා ඒ ආය­ත­නයේ නම කියන්න මම මේ මොහොතේ කැමති නෑ. ඇත්ත වශ­යෙන්ම මම මේ හඬ­පට අතර අපේ රටේ ජනා­ධි­ප­ති­ව­රුන්, අග­මැ­ති­ව­රුන් සහ මට ඉන්ෆො­මේ­ෂන් දුන්නු බොහෝ අයගේ තොර­තුරු මා ළඟ තිබුණා මේ තොර­තුරු ඉකාම වටිනා තොර­තුරු අපේ රටේ එක්නැ­ලි­ගොඩ ඝාත­නය, සොල්දා­දු­වන් ගොඩක් ගිහිල්ලා අතු­රු­දන් වුණු අපේ දමිළ තරු­ණ­යින්ගේ ඝාතන ලසන්ත වික්‍ර­ම­තුංග ඝාත­නය, රෝයල් පාක් ගනු­දෙ­නුව, පැන්ඩෝරා පේපර්ස්, වසීම් තාජු­ඩීන් මේ ඇතුළු සිය­ලුම දේවල් මේ හඬ­ප­ට­වල තිබුණා. නමුත් එය අල්ලා­ගෙන අත්අ­ඩං­ගු­වට පත්කර ගත්ත විරුද්ධ කණ්ඩා­යම් රිලීස් කළේ හවස් වරුවේ සම­හර අය සමඟ කතා කළ වෙනත් කතා විත­රයි ඒ අය පබ්ලි­සිටි කරේ ඒවත් එඩිට් කරලා විකෘති කරපු හඬ­පට තමයි දැම්මේ අර වටිනා කියන ඒවා දැම්මේ නෑ. මට පාර්ලි­මේ­න්තුවේ ගරු කථා­නා­ය­ක­තුමා නියෝග කළේ තියෙන හඬ­පට එවන්න කියලා මම විසි එකක් දාලා යැව්වා නමුත් ඒක අහලා එකේ ඉන්න නාය­ක­යින්ගේ හොර­කම් එළි­වෙයි කියලා ඒවා විනාශ කරා.

හඬ­පට තියෙ­නවා එක්ලක්ෂ හැත්තෑ හය­දා­හක් තවම නීති­පති එකේ විම­ර්ශන කර­න­වාලු ඒවා ඉතාම වටිනා හඬ­පට. ඒකේ වටි­නා­කම නැති කරන්න තමයි අර­වගේ වෙනත් වෙනත් හඬ­පට දාලා ඒ සටන දියාරු කරලා නැති කරන්න උත්සාහ කළේ. නමුත් ඒ අය හිටපු හොරු ටික මට කතා කරලා කිව්ව දේවල් ඒ හොරු ටික කප්පම් ගන්න හදන ඒවා ඒවගේ දේවල් රිලීස් කරන්නේ නෑ. මොකද එහෙම වුණොත් ලොකු ප්‍රශ්ණ­ව­ලට මුහුණ දෙනවා ඉදි­රි­යේදි ඒව­ගෙන් ප්‍රයෝ­ජ­න­යක් ගන්න මේ ආණ්ඩු­වෙන් මට ආරා­ධනා කළොත් මම ඒවා ඉදි­රි­පත් කරලා ඒ චුදි­ත­යන්ට නිසි දඬු­වම් දෙන්න මම ඒවා ඉදි­රි­පත් කර­නවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT