ජනතාව මුළා කර රටේ බලය ඇල්ලුවට බෑ. දුන් පොරොන්දු ඉටු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගයේ කරන්දෙණිය ප්‍රධාන සංවිධායක ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ ජයන්ත ජයවීර මහතා පැවසීය.
කරන්දෙණිය දන්ගහවිලදී පැවති පාක්ෂිකයන් දැනුවත් කිරීමේ රැස්වීමක් අමතමින් ඒ මහතා මේ බව කීය.
තවදුරටත් කතා කළ ජයවීර මහතා මෙසේ ද කීය.
අනුර කුමාර දිසානායක මහතා ජනවරමක් අරගෙන මේ රටේ ජනාධිපති වුණාට සියයට පනස් අටක් වැනි ප්‍රමාණයක් විරුද්ධයි. ඒ බව පසුගිය මැතිවරණ ප්‍රතිඵලවලින් පේනවා. බලයට එන්න පෙර නොයෙකුත් දේ කිව්වා. බොරු පොරොන්දු දුන්නා. ජනාධිපති බලයට එන්න කලින් කියපු දේ කරන්න ගියොත් ඒ අය පමණක් නොව රටම අමාරුවේ වැටෙනවා. විදේශ ණය ගන්නේ නැහැ කිව්වා. අයි. එම්. එෆ්. ගිහින් කිසිම රටකට හරි ගිහින් නැති බව කිව්වා. අයි. එම්. එෆ්. ප්‍රතිපත්ති වෙනස් කරනවා කිව්වා. නමුත් ඒ අය හිතන විදියට ඕන ඕන වෙලාවට ජාත්‍යන්තර ගිවිසුම්වල ප්‍රතිපත්ති වෙනස් කරන්න බැහැ. ජනතාවට ඔරොත්තු නොදෙන අධික බදු බර අඩු කරනවා කිව්වා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩු කරනවා කිව්වා. එහෙත් ආණ්ඩුව බලයට ඇවිත් මාසයක් යන්න කලින් පරිප්පු, උම්බලකඩ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවලට අධික බදු ගහලා ජනතාව පීඩනයට පත් කර තිබෙනවා. දැන් අහස උසට බඩු මිල ඉහළ ගිහින්. සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කරපු වැඩ පිළිවෙළ අනුව කටයුතු කළොත් ඉදිරියට යන්න පුළුවන්.
වසන්ත සමරසිංහ මහතා පසුගිය කාලයේ වේදිකාවල කිව්වේ බිත්තරේකින් රුපියල් දහයක් ඇමැතිට යනවා කියලයි.