Monday, April 21, 2025
Home » ජන­තාව මුළා නොකර දුන් පොරොන්දු ඉටු කරන්න

ජන­තාව මුළා නොකර දුන් පොරොන්දු ඉටු කරන්න

සමගි ජන බල­වේ­ගයේ කර­න්දෙ­ණිය ප්‍රධාන සංවි­ධා­යක ගාල්ල දිස්ත්‍රික් අපේ­ක්ෂක නීතිඥ ජයන්ත ජය­වීර

by damith
October 26, 2024 1:03 am 0 comment

අහු­න්ගල්ල සමූහ - අනුර යස­මිත්

ජන­තාව මුළා කර රටේ බලය ඇල්ලු­වට බෑ. දුන් පොරොන්දු ඉටු කර­න්නැයි හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී සමගි ජන බල­වේ­ගයේ කර­න්දෙ­ණිය ප්‍රධාන සංවි­ධා­යක ගාල්ල දිස්ත්‍රික් අපේ­ක්ෂක නීතිඥ ජයන්ත ජය­වීර මහතා පැව­සීය.

කර­න්දෙ­ණිය දන්ග­හ­වි­ලදී පැවති පාක්ෂි­ක­යන් දැනු­වත් කිරීමේ රැස්වී­මක් අම­ත­මින් ඒ මහතා මේ බව කීය.

තව­දු­ර­ටත් කතා කළ ජය­වීර මහතා මෙසේ ද කීය.

අනුර කුමාර දිසා­නා­යක මහතා ජන­ව­ර­මක් අර­ගෙන මේ රටේ ජනා­ධි­පති වුණාට සිය­යට පනස් අටක් වැනි ප්‍රමා­ණ­යක් විරු­ද්ධයි. ඒ බව පසු­ගිය මැති­ව­රණ ප්‍රති­ඵ­ල­ව­ලින් පේනවා. බල­යට එන්න පෙර නොයෙ­කුත් දේ කිව්වා. බොරු පොරොන්දු දුන්නා. ජනා­ධි­පති බල­යට එන්න කලින් කියපු දේ කරන්න ගියොත් ඒ අය පම­ණක් නොව රටම අමා­රුවේ වැටෙ­නවා. විදේශ ණය ගන්නේ නැහැ කිව්වා. අයි. එම්. එෆ්. ගිහින් කිසිම රට­කට හරි ගිහින් නැති බව කිව්වා. අයි. එම්. එෆ්. ප්‍රති­පත්ති වෙනස් කර­නවා කිව්වා. නමුත් ඒ අය හිතන විදි­යට ඕන ඕන වෙලා­වට ජාත්‍ය­න්තර ගිවි­සු­ම්වල ප්‍රති­පත්ති වෙනස් කරන්න බැහැ. ජන­තා­වට ඔරොත්තු නොදෙන අධික බදු බර අඩු කර­නවා කිව්වා. අත්‍ය­වශ්‍ය ආහාර ද්‍රව්‍ය­වල මිල අඩු කර­නවා කිව්වා. එහෙත් ආණ්ඩුව බල­යට ඇවිත් මාස­යක් යන්න කලින් පරිප්පු, උම්බ­ල­කඩ වැනි අත්‍ය­වශ්‍ය ද්‍රව්‍ය­ව­ලට අධික බදු ගහලා ජන­තාව පීඩ­න­යට පත් කර තිබෙ­නවා. දැන් අහස උසට බඩු මිල ඉහළ ගිහින්. සජිත් ප්‍රේම­දාස මහතා යෝජනා කරපු වැඩ පිළි­වෙළ අනුව කට­යුතු කළොත් ඉදි­රි­යට යන්න පුළු­වන්.

වසන්ත සම­ර­සිංහ මහතා පසු­ගිය කාලයේ වේදි­කා­වල කිව්වේ බිත්ත­රේ­කින් රුපි­යල් දහ­යක් ඇමැ­තිට යනවා කිය­ලයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT