Monday, April 21, 2025
Home » රනිල් ගෙන­ගිය වැඩ­පි­ළි­වෙළ ඉදි­රි­යට ගෙන නොගි­යොත් යළි පෝලිම් ඇති­වෙ­නවා

රනිල් ගෙන­ගිය වැඩ­පි­ළි­වෙළ ඉදි­රි­යට ගෙන නොගි­යොත් යළි පෝලිම් ඇති­වෙ­නවා

හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා

by damith
October 26, 2024 1:03 am 0 comment

රන්මලී සෝම­සිරි-ඩී.මිහි­ඳු­කුල කොච්චි­කඩේ කටාන බර්ටි වීර­සිංහ

රනිල් වික්‍ර­ම­සිංහ මහතා ගෙන­ගිය වැඩ­පි­ළි­වෙළ ඉදි­රි­යට ගෙන නොගි­යොත් යළිත් පෝලිම් ඇති­වන බව හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැව­සීය.

නිමල් ලාන්සා මහතා මේ බව කියා සිටියේ මීග­මුව, ගෝල්ඩන් ස්ටාර් හෝට­ලයේ පැවති ජන හමු­ව­කට එක්වෙ­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් නිමල් ලාන්සා මහතා මෙසේ ද පැව­සීය.

“ජනතා විමුක්ති පෙර­මුණ බල­යට එන­කොට කියපු එක දෙය­ක්වත් අද කරන්න බැරි­වෙලා තිබෙ­නවා. බිත්ත­ර­යෙන්,ඉන්ධ­න­ව­ලින් කොමිස් ගන්නවා කීවා.මෙවැනි දේවල් වේදි­කා­වල කියා බලය ගත්තා. ජන­තාව ඒ කියන දේවල් විශ්වාස කර බලය දුන්නා.මාස­යක් දැන් ඉවර වෙලා. රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ වැඩ­පි­ළි­වෙළ හැර වෙනත් අලුත් දෙයක් කර නැහැ.

ආපු ගමන් මහ බැංකු අධි­පති, භාණ්ඩා­ගාර ලේකම් එළ­ව­නවා කීවා. රනිල් වික්‍ර­ම­සිං­හගේ ආර්ථික වැඩ­පි­ළි­වෙළ ජන­තාව හූරා කනවා කිව්වා. ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ ගිවි­සුම සංශෝ­ධ­නය කර­නවා කිව්වා.

වේදි­කාවේ ප්‍රධාන පොරොන්දු හත­රක් කීවා.උප­යන විට බදු අය කරන සීමාව වැඩි කර­නවා කීවා.වැට් එක අඩු කර­නවා කීවා.රාජ්‍ය සේව­ක­යන්ගේ වැටුප් මාස හයෙන් හයට වැඩි කිරීම හා ගුරු වැටුප් විෂ­මතා ඉවත් කර­නවා කිව්වා.මේ දේවල් කර­න­කොට අඩු­වන ආදා­යම උප­යා­ගන්න හැටි ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­ද­ලට පෙන්වන්න ඕනෑ. ඒ නිසා වේදි­කාවේ කියපු එක­ක්වත් මහ පොළොවේ ක්‍රියා­ත්මක කරන්න බැහැ.මේ අය අය­වැය ලේඛ­නය ඉදි­රි­පත් කරන්නේ නැහැ. ගෙනා­වොත් ආදා­යම් උප­යන හැටි, ජන­තා­වට සහන දෙන හැටි පෙන්වන්න වෙනවා. ඒ නිසා මාස තුනක් අදින්න අතුරු සම්මත ගිණු­මක් ඉදි­රි­පත් කර­නවා. කොහොම වුණත් මාර්තු වෙන­කොට අය­වැය ලේඛ­නය ඉදි­රි­පත් කරන්න වෙනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT