Home » හිටපු මැති ඇමැ­ති­වරු හොරා කෑ ජාතික ධනය පැය 24කින් මෙර­ටට ගෙනත් දෙන්නම්

හිටපු මැති ඇමැ­ති­වරු හොරා කෑ ජාතික ධනය පැය 24කින් මෙර­ටට ගෙනත් දෙන්නම්

ගම්පහ දිස්ත්‍රික් සමගි ජන බල­වේ­ගයේ අපේ­ක්ෂක නීති­වේදී චානක සේනා­නා­යක

by damith
October 26, 2024 1:03 am 0 comment

මහින්ද අලු­ත්ගෙ­දර

හිටපු මැති ඇමැ­ති­වරු සොරාකෑ ජාතික ධනය පැය 24කින් ශ්‍රී ලංකා­වට රැගෙන ඒමට හැකි බව ගම්පහ දිස්ත්‍රික් සමගි ජන බල­වේ­ගයේ අපේ­ක්ෂක නීති­වේදී, ජාත්‍ය­න්තර නීති කථි­කා­චාර්ය චානක සේනා­නා­යක මහතා පව­සයි.

ඊට අම­ත­රව දින 365ක් යෑමට මත්තෙන් ඒ ක්‍රියා­දා­ම­යෙන් වංච­නි­කව මැති ඇමැ­තීන් ඉපයූ විදේ­ශ­යන්හි තැන්පත් කළ අයුතු ධනය ලංකා­වට ලබා දෙන්නත් තමාට හැකි බව ඒ මහතා පෙන්වා දෙයි.

කොළඹ පැවැති මාධ්‍ය හමු­ව­කට එක්වෙ­මින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

“මම වෘත්ති­යෙන් නීති­වේ­දි­යෙක්. ජාත්‍ය­න්තර නීති කථි­කා­චා­ර්ය­ව­ර­යෙක්. එක්සත් රාජ­ධා­නියේ ඔක්ෆර්ඩ් විශ්ව­වි­ද්‍යා­ලයේ දේශ­පා­ලන විද්‍යාව පිළි­බඳ කිය­වීම සම්පූර්ණ කළ අයෙක්. මම වත්මන් ජන­ප­තිට අභි­යෝග කර­නවා දැන්වත් රටේ ජන­තාව මිරි­කෙන මේ ණය බරින් ජන­තාව මුදා­ගන්න කියලා. මගේ දේශ­පා­ලන කඳ­වුර සමගි ජන බල­වේ­ග­යයි. ඒ රට ගොඩ­නැ­ඟී­මට හඬක් නැගී­මට අවශ්‍ය නම් අපි පව­තින ක්‍රම­යට අනුව දේශ­පා­ලන කඳ­වු­ර­කට අනු­ගත විය යුතුයි.

ඒ අනුව මම සමගි ජන බල­වේ­ගය තෝර­ගත්තා. වැද­ගත් වන්නේ මම සිටින කඳ­වුර නොවේ. කවුරු හෝ මගේ පූර්ණ දැනු­මෙන් සමා­ජ­යට වැඩ ගැනී­මයි. මම ජන­පති අනු­රට නැවත නැව­තත් අභි­යෝග කර­නවා.මට පුළු­වන් පැය 24ක් යෑමට මත්තෙන් ලාංකේය මැති ඇමැ­ති­වරු මේ රටෙන් අරන් ගිහින් විදේ­ශ­යන්හි සැඟවූ ජාතික ධනය ලංකා­වට ගෙන ඒමේ ජාත්‍ය­න්තර ක්‍රියා­ව­ලි­යට අනු­ගත කරන්න.

විදේ­ශ­යන්හි සඟවා ඇති සොර­කම් කරන ලද රාජ්‍ය වත්කම් නැව­තත් ලබා­ගැ­නීම සඳහා වන ගෝලීය වශ­යෙන් භාවිත කරන “STAR වැඩ­ස­ට­හන” ශ්‍රී ලංකා­වට හඳුන්වා දුන්නේ තමා බව ද ඒ මහතා පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT