හිටපු මැති ඇමැතිවරු සොරාකෑ ජාතික ධනය පැය 24කින් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට හැකි බව ගම්පහ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ අපේක්ෂක නීතිවේදී, ජාත්‍යන්තර නීති කථිකාචාර්ය චානක සේනානායක මහතා පවසයි.
ඊට අමතරව දින 365ක් යෑමට මත්තෙන් ඒ ක්‍රියාදාමයෙන් වංචනිකව මැති ඇමැතීන් ඉපයූ විදේශයන්හි තැන්පත් කළ අයුතු ධනය ලංකාවට ලබා දෙන්නත් තමාට හැකි බව ඒ මහතා පෙන්වා දෙයි.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
“මම වෘත්තියෙන් නීතිවේදියෙක්. ජාත්‍යන්තර නීති කථිකාචාර්යවරයෙක්. එක්සත් රාජධානියේ ඔක්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ කියවීම සම්පූර්ණ කළ අයෙක්. මම වත්මන් ජනපතිට අභියෝග කරනවා දැන්වත් රටේ ජනතාව මිරිකෙන මේ ණය බරින් ජනතාව මුදාගන්න කියලා. මගේ දේශපාලන කඳවුර සමගි ජන බලවේගයයි. ඒ රට ගොඩනැඟීමට හඬක් නැගීමට අවශ්‍ය නම් අපි පවතින ක්‍රමයට අනුව දේශපාලන කඳවුරකට අනුගත විය යුතුයි.
ඒ අනුව මම සමගි ජන බලවේගය තෝරගත්තා. වැදගත් වන්නේ මම සිටින කඳවුර නොවේ. කවුරු හෝ මගේ පූර්ණ දැනුමෙන් සමාජයට වැඩ ගැනීමයි. මම ජනපති අනුරට නැවත නැවතත් අභියෝග කරනවා.මට පුළුවන් පැය 24ක් යෑමට මත්තෙන් ලාංකේය මැති ඇමැතිවරු මේ රටෙන් අරන් ගිහින් විදේශයන්හි සැඟවූ ජාතික ධනය ලංකාවට ගෙන ඒමේ ජාත්‍යන්තර ක්‍රියාවලියට අනුගත කරන්න.
විදේශයන්හි සඟවා ඇති සොරකම් කරන ලද රාජ්‍ය වත්කම් නැවතත් ලබාගැනීම සඳහා වන ගෝලීය වශයෙන් භාවිත කරන “STAR වැඩසටහන” ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ තමා බව ද ඒ මහතා පැවසීය.