Sunday, April 20, 2025
Home » පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යේදී මහ­නු­වර දිස්ත්‍රි­ක්ක­යෙන් අපි මන්ත්‍රී ධුර පහ­ක්වත් ගන්නවා

පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යේදී මහ­නු­වර දිස්ත්‍රි­ක්ක­යෙන් අපි මන්ත්‍රී ධුර පහ­ක්වත් ගන්නවා

නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණ මහ­නු­වර දිස්ත්‍රික් අපේ­ක්ෂක ළහිරු මධු­ශංක

by damith
October 26, 2024 1:03 am 0 comment

හැටන් මධ්‍යම විශේෂ

පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යේදී මහ­නු­වර දිස්ත්‍රි­ක්ක­යෙන් මන්ත්‍රී ධුර හත­රක් හෝ පහක් නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණ විසින් හිමි කර ගන්නා බව එම පක්ෂයේ මහ­නු­වර දිස්ත්‍රික් අපේ­ක්ෂක ළහිරු මධු­ශංක මහතා පව­සයි.

නාව­ල­පි­ටිය නග­ර­යේදී මාධ්‍ය වෙත මේ බව පැවසු ළහිරු මධු­ශංක මහතා වැඩි­දු­ර­ටත් මෙසේද පැව­සීය.

මහ­නු­වර දිස්ත්‍රි­ක්කය නියෝ­ජ­නය කර­මින් නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදි පෙර­මුණ මෙවර ප්‍රබල අපේ­ක්ෂක කණ්ඩා­ය­මක් මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් කර තිබෙ­නවා. ඒ තත්ත්වය මත මහ­නු­වර දිස්ත්‍රි­ක්කයේ මන්ත්‍රී ධුර 12න් මන්ත්‍රී ධුර හත­රක් හෝ පහක් අපට ලබා­ගන්න පුළු­වන්.

මහ­නු­වර දිස්ත්‍රි­ක්කයේ උඩු­නු­වර ප්‍රධාන සංවි­ධා­යක ලෙස මම මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වෙලා ඉන්නවා. තරුණ දේශ­පා­ල­ක­යෙක් විදි­යට මම මේ දිස්ත්‍රි­ක්කයේ සංව­ර්ධන යෝජනා ක්‍රම රාශි­යක් සැල­සුම් කර තිබෙ­නවා.

උඩු­නු­වර ආස­නය සංචා­රක කලා­ප­යක් බවට පත් කිරී­මත් ගල­ගෙ­දර හා හාරි­ස්ප­ත්තුව ප්‍රදේශ අප­න­යන ගම්මාන බවට පත් කිරී­මත් මහ­නු­වර දිස්ත්‍රි­ක්කයේ සුළු අප­න­යන භෝග වගා­වන් සංව­ර්ධ­නය කිරීම මෙන්ම එම සුළු අප­න­යන භෝග විවිධ සතු­න්ගෙන් බේරා­ගැ­නී­මට අවශ්‍ය පිය­වර ගන්නේ කෙසේද යන්නත් පිළි­බ­ඳව සැල­සුම් සකස් කර තිබෙ­නවා. එම තත්ත්ව­යන්ට අම­ත­රව මේ දිස්ත්‍රි­ක්කයේ විවිධ සංව­ර්ධන සැල­සුම් රාශි­යක් සකස් කර අව­සන්.

ව්‍යාපාර කළ­ම­නා­ක­ර­ණය පිළි­බ­ඳව උපා­ධි­යක් ලබා ඇති තමාට එම දැනුම උප­යෝගි කර­ගෙන මේ ප්‍රදේ­ශයේ ජන­තා­වගේ ආර්ථි­කය නඟා­සි­ටු­වී­මට විවිධ වැඩ­ස­ට­හන් මෙන්ම සැල­සුම් ක්‍රියා­ත්මක කිරී­මට අවශ්‍ය සහාය මේ මැති­ව­ර­ණ­යේදී ලබා­දී­මට පිය­වර ගන්නා ලෙස මේ දිස්ත්‍රි­ක්කයේ වෙසෙන සිංහල, දමිළ, මුස්ලිම් සියලු දෙනා­ගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT