Tuesday, April 22, 2025
Home » කැඩුණු පාර­වල් පෙන්නලා ඡන්දෙ ගන්න දේශ­පා­ලන ක්‍රමය අව­සන් කර­නවා

කැඩුණු පාර­වල් පෙන්නලා ඡන්දෙ ගන්න දේශ­පා­ලන ක්‍රමය අව­සන් කර­නවා

කළු­තර දිස්ත්‍රික් ජාතික ජන බල­වේ­ගයේ අපේ­ක්ෂක වෛද්‍ය නලින්ද ජය­තිස්ස

by damith
October 26, 2024 1:04 am 0 comment

ඉත්තෑ­පාන සමූහ ප්‍රේම­ති­ලක පෙර­මුණ

කැඩුණු පාර­වල් පෙන්නලා ඡන්දෙ ගන්න දේශ­පා­ලන ක්‍රමය අව­සන් කරන බව කළු­තර දිස්ත්‍රික් ජාතික ජන බල­වේ­ගයේ අපේ­ක්ෂක හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා ඉකුත් 23 වැනි දින වළ­ල්ලා­විට දී පැව­සීය.

ජාතික ජන බල­වේග ජන හමු­ව­කදී ඒ මහතා එසේ පැව­සීය.

එහිදී වැඩි­දු­ර­ටත් වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා මෙසේ ද පැව­සීය.

Òඅපි මේ රට ගොඩ­න­ඟන්න පටන් ගන්නේ ග්‍රාමීය ආර්ථි­කය මුල් කර­ගෙ­නයි. කලින් පාල­නය කළ අය මුලින්ම අත­ගාන්නේ මහා පරි­මාණ ව්‍යාපෘ­ති­ව­ලට. මොකද ඒවා­යින් ගසා ගන්න පුළු­වන් ප්‍රමා­ණය වැඩි­යිනේ.

එදා අපි ගැන නොදන්න වෙනි­සි­යුලා රාජ්‍ය පවා මේ රට දූෂිත රටක් ලෙස හංවඩු ගැසුවා. ඒත් අද මේ රටේ දූෂණ විරෝධී ආණ්ඩු­වක් බිහිවී ඇති බව ජාත්‍ය­න්තර මාධ්‍ය පවා කතා බහට ලක් කරලා.

ආණ්ඩුව පත් වෙලා තවම මාස­යක් විත­රයි වුණේ. එක්තරා පිරි­ස­කට පම­ණක් ක්ෂණික සංව­ර්ධ­න­යක් අවශ්‍ය වෙලා. හිටපු ජනා­ධි­පති දිනුවා නම් 2048 වෙන­කම් බලා ඉන්න පුළු­වන් අයට මාස­යක් ඉව­සා­ගෙන ඉන්න බෑ. ජන­තාව දන්නවා ඔය අව­ලාද මඩ ගහන්නේ මොකද කියලා. අපි ශක්ති­මත් ආණ්ඩු­වක් පිහි­ටෙ­ව්වාට පසු කරන්න බොහෝ දේවල් තිබෙ­නවා. ලබන 16 වැනිදා වෙන­කොට ශක්ති­මත් කැබි­නට් මණ්ඩ­ල­යක් පත් කර රටේ යහ­පත වෙනු­වෙන් කරන දේවල් බලා­ගන්න පුළු­වන්.

මේ රටට අද අවශ්‍ය ශක්ති­මත් විප­ක්ෂය, එඩි­තර විප­ක්ෂය, සූර­වීර විප­ක්ෂය කිය කිය බොහෝ දෙනකු ජන­තාව ගොනාට අන්ද­වන්න හද­නවා. විප­ක්ෂ­යක් ශක්ති­මත් වන්නේ ඔළු ගෙඩි ප්‍රමා­ණ­යෙන් පම­ණක් නොවෙයි. ඔළු­ගෙඩි කීය වුණත් විප­ක්ෂ­යට අවශ්‍ය වෙලාව පාර්ලි­මේ­න්තුවේ වෙන් කර­නවා.

මේ රටට මුලින්ම අවශ්‍ය ශක්ති­මත් ආණ්ඩු­වක්. ආණ්ඩුව ශක්ති­මත් කරන්නේ නැතිව රටේ සංව­ර්ධ­නය කරන්න බෑ. මෙතෙක් කල් මේ රටේ අධ්‍යා­ප­න­යට නිසි තැනක් නොලැ­බීම විශාල ගැට­ලු­වක්. කොළඹ හතේ ඉප­දිලා කොළඹ ඉස්කෝලේ කොළඹ විශ්ව විද්‍යා­ලයේ ගිය අයට ගමේ පාසලේ තත්ත්වය තේරෙන්නේ නෑ.

ඒ නිසා අපි මුළු රටේම පාසල් පද්ධ­තිය ගැන විශේෂ අව­ධා­න­යක් යොමු කර­නවා. පාස­ලෙන් විශ්ව­වි­ද්‍යා­ල­යෙන් එළි­යට එන විට අද විශාල වශ­යෙන් රැකියා ප්‍රශ්න­යක් තිබෙ­නවා. පාසලේ 9 වන ශ්‍රේණියේ සිට තමන් කැමති මාර්ගය තෝරා­ගෙන ඒ අනුව දරු­වන්ට අධ්‍යා­ප­නය ලබා ගැනීමේ අව­ස්ථාව අපි සල­ස­නවා. රටේ තාක්ෂ­ණික දියු­ණුව මේ රජයේ විශාල දියු­ණු­වක් කරා ගෙන­යෑ­මට දැන­ට­මත් සැල­සුම් කර තිබෙ­නවා.

කළු­තර දිස්ත්‍රික් ජාතික ජන බල­වේ­ගයේ අපේ­ක්ෂ­ක­යන් වන සංජීව රණ­සිංහ, ධනුෂ්ක රංග­නාත් සහ වල­ල්ලා­විට ජාතික ජන බල­වේග කොට්ඨාස නායක සුනිල් අබේ­සිරි මහ­ත්ව­රුන් ද, පළාත් පාලන අපේ­ක්ෂක අපේ­ක්ෂි­කා­වන් පිරි­සක් ඇතුළු විශාල පිරි­සක් මේ අව­ස්ථා­වට එක්වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT