Monday, April 21, 2025
Home » පාර්ලි­මේ­න්තුව සුද්ධ කිරීමේ මහා ශ්‍රම­දා­න­යට ඔබත් එක්වන්න

පාර්ලි­මේ­න්තුව සුද්ධ කිරීමේ මහා ශ්‍රම­දා­න­යට ඔබත් එක්වන්න

මාලි­මාවේ වැඩිම පිරිස මැති­ස­බ­යට යවන්න - ජන­පති පුත්ත­ල­මේදී කියයි

by damith
October 26, 2024 1:06 am 0 comment

උපාලි කරු­ණා­රත්න සහ චමීර ඇල්ල­දෙ­ණිය, පුත්ත­ලම අති­රේක හිරාන් ප්‍රියං­කර ජය­සිංහ

ඉදිරි මහ­මැ­ති­ව­ර­ණයේ දී මාලි­මාවේ වැඩිම පිරිස පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කරන පිරිස බවට පත් කර­ගත යුතු බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පැව­සීය.

ඔහු එසේ ප්‍රකාශ කළේ පෙරේදා (24) පස්ව­රුවේ පුත්ත­ලමේ දී ජාතික ජන බල­වේ­ගය සංවි­ධාන කළ ජන රැලි­ය­කට සහ­භාගි වෙමිනි.

එහිදී ජනා­ධි­ප­ති­ව­රයා වැඩි­දු­ර­ටත් මෙසේද පැව­සීය.

නොවැ­ම්බර් 14 වැනිදා මහ මැති­ව­ර­ණය පැවැ­ත්වෙ­නවා. පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් පසු ඉතා ටික කාල­ය­කින් මේ මැති­ව­ර­ණය පැවැ­ත්වෙ­නවා. මේ පුත්ත­ලම දිස්ත්‍රි­ක්කයේ ජන­තාව පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී ජාතික ජන බල­වේ­ග­යට විශාල ජයක් ලබා දුන්නා. ආසන ගණ­නා­වක් අප ජය­ග්‍ර­හ­ණය කළා. අද මේ රැස්ව සිටින ජන­ගඟ දෙස බැලු වැටි නොවැ­ම්බර් මස 14 වැනි­දාත් ආසන සියල්ල ජය­ග්‍ර­හ­ණය කරන බව අපට පැහැ­දි­ලියි. එප­ම­ණක් නොවෙයි පුත්ත­ලම දිස්ත්‍රි­ක්කය නියෝ­ජ­නය කර­මින් මේ වේදි­කාවේ සිටින සහෝ­දර සහෝ­ද­රි­යන් ගණ­නා­වක් පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කරන බව ඉතා පැහැ­දි­ලියි.

අපි කවු­රුත් දන්නවා මේ පුත්ත­ලම් දිස්ත්‍රි­ක්කයේ එක් එක් කාල­යට බල­යට පත්වූ මන්ත්‍රී­වරු එක් එක් විදි­යට ප්‍රසි­ද්ධයි. හැම­දාම මේ පුත්ත­ලම දිස්ත්‍රි­ක්කයේ මන්ත්‍රී­වරු හද­නවා. නමුත් ඔවුන් ජන­තාව පීඩා­වට පත් කරන අයයි. එහෙම නැති­නම් ඉස්සන් කොටු හදන අයයි. ගම්ව­ලට තිබෙන ඉඩම් අල්ලා ගන්නා අයයි. එහෙ­මත් නැති­නම් සිමෙන්ති කම්හ­ලෙන් කප්පම් ලබා ගන්න අය. එහෙම නැති­නම් රත්ත­රන් ගෙනල්ලා අහු­වෙන අය. මත්ද්‍ර­ව්‍ය­ව­ලට සම්බන්ධ අය.

මම ඔබ­ලා­ගෙන් අහන්නේ ඒ ඉති­හා­සය වෙනස් කරන්න අවශ්‍ය නැද්ද? පරණ, ජන­තා­වට පීඩා­වට පත් කරන මන්ත්‍රී­වරු වෙනු­වට ජන­තාව සමඟ උරින් උර ගැටී ජන­තා­වගේ වැඩ කට­යුතු කරන නව දේශ­පා­ලන සංස්කෘ­ති­යක් නොවැ­ම්බර් මස 14 වනදා මේ පුත්ත­ලම දිස්ත්‍රි­ක්කයේ ඇති කළ යුතුයි. එම කණ්ඩා­යම තමයි ජාතික ජන බල­වේ­ග­යෙන් ඉදි­රි­පත් කර තිබෙන කණ්ඩා­යම.

පහු­ගිය දව­ස්වල හිටපු සෞඛ්‍ය ඇමැ­ති­ව­ර­යාට විරු­ද්ධව පාර්ලි­මේ­න්තුවේ විශ්වාස භංග­යක් ගෙනාවා. බාල බෙහෙත් ගෙනත්, දරු­වන්ගේ ඇස් අන්ධ වුණා. බාල බෙහෙත් ගෙනත් දරු­වන් මියැ­දුණා. බාල බෙහෙ­ත්ව­ලින් රෝගීන් සුව­පත් වෙනවා වෙනු­වට රෝගින්ගේ ලෙඩ වැඩි වුණා. පාර්ලි­මේ­න්තුවේ ඒ සෞඛ්‍ය ඇමැ­ති­ව­ර­යාට විරු­ද්ධව විශ්වාස භංග­යක් ගෙනාවා. ජන­තාව දන්නවා ඔහු බාල බෙහෙත් මංකො­ල්ල­යට සම්බන්ධ වී සිටින කෙනෙක් කියලා. හැබැයි පාර්ලි­මේ­න්තුව මොකද කළේ. පාර්ලි­මේ­න්තුවේ බහු­ත­ර­යක් ඖෂ­ධ­ව­ලින් හොර­කම් කළ ඇමැ­ති­ව­රයා ආරක්ෂා කර ගැනී­මට අත ඉස්සුවා. ඒ නිසා පාර්ලි­මේ­න්තුව පිළි­බඳ ජන­තා­වගේ විරෝ­ධ­යක් තිබෙ­නවා.

අපි ඔබට ආරා­ධනා කරන්නේ මේ තත්ත්වය වෙනස් කර පාර්ලි­මේ­න්තුව සුද්ධ කිරීමේ මහා ශ්‍රම­දා­න­යට නොවැ­ම්බර් 14 වැනිදා එක්වන ලෙසයි. අප මේ පාර්ලි­මේ­න්තුව පිරි­සුදු කළ යුතුයි.

මාලි­මාවේ වැඩිම පිරිස මේ පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කරන පිරිස බවට පත් කරන්න ඕනෑ. එතැන සිටින සැම දෙනාම අදූ­ෂිත අය බවට අපි ඔබට සහ­තික වෙනවා. මේ හැම දෙනාම අවංක අයයි. මේ හැම දෙනාම ජන­තා­වගේ මුදල් සත­ය­ක්වත් නාස්ති නොක­රන අය­යිද පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT