Monday, April 21, 2025
Home » උත්තර පත්‍ර පරී­ක්ෂක/ගණිත පරී­ක්ෂක තොර­තුරු යාව­ත්කා­ලීන කිරීමේ අයැ­දු­ම්පත් ගැනීම ලබන මස 6දා අව­සන්
බෞද්ධ ධර්මා­චාර්ය විභා­ගය - 2024:

උත්තර පත්‍ර පරී­ක්ෂක/ගණිත පරී­ක්ෂක තොර­තුරු යාව­ත්කා­ලීන කිරීමේ අයැ­දු­ම්පත් ගැනීම ලබන මස 6දා අව­සන්

by damith
October 26, 2024 1:00 am 0 comment

සන්ධ්‍යා කරු­ණා­රත්න

බෞද්ධ ධර්මා­චාර්ය විභා­ගය – 2024 උත්තර පත්‍ර පරී­ක්ෂ­ක­ව­රුන්/ගණිත පරී­ක්ෂ­ක­ව­රුන් පිළි­බඳ තොර­තුරු යාව­ත්කා­ලීන කිරී­මට මාර්ග­ගත ක්‍රමය ඔස්සේ අයැ­දු­ම්පත් භාර ගැනීම ලබන මස 6 වැනිදා අව­සන් වන බව විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර මහතා පැව­සීය.

විභාග දෙපා­ර්ත­මේ­න්තුවේ නිල වෙබ් අඩ­විය වන www.doenets.lk වෙත පිවිස “අපගේ සේවා” යටතේ ඇති බෞද්ධ ධර්මා­චාර්ය විභා­ගය – 2024 උත්තර පත්‍ර පරී­ක්ෂ­ක­ව­රුන් /ගණිත පරී­ක්ෂ­ක­ව­රුන් පිළි­බඳ තොර­තුරු යාව­ත්කා­ලීන කිරීම සබැ­ඳිය මත ක්ලික් කිරී­මෙන් හෝ විභාග දෙපා­ර්ත­මේ­න්තුවේ නිල ජංගම දුර­ක­තන යෙද­වුම “DOE” වෙත පිවිස බෞද්ධ ධර්මා­චාර්ය විභා­ගය – 2024 උත්තර පත්‍ර පරී­ක්ෂ­ක­ව­රුන්/ගණිත පරී­ක්ෂ­ක­ව­රුන් පිළි­බඳ තොර­තුරු යාව­ත්කා­ලීන කිරීම සබැ­ඳිය මත ක්ලික් කිරී­මෙන් හෝ onlineexams.gov.lk පිවි­සී­මෙන් මාර්ග­ගත ක්‍රම­යට තොර­තුරු යාව­ත්කා­ලීන කළ හැකිය. පරි­ශී­ලක ගිණු­මක් අයැ­දු­ම්ක­රුවා වෙත දැන­ට­මත් තිබේ නම් Personal Account Login හරහා පද්ධ­ති­යට ප්‍රවේශ වන්න. නැත­හොත් විභා­ග­යට පෙනී සිට ජාතික හැඳු­නු­ම්පත් අංකය හා ඔබ දැනට භාවිත කරන ජංගම දුර­ක­තන අංකය යොදා ගිණු­මක් නිර්මා­ණය කර ගන්න. අයැ­දු­ම්ක­රු­වාගේ ජංගම දුර­ක­තන අංක­යට ලැබෙන OTP අංකය භාවිත කර අයැ­දු­ම්ක­රුවා නිර්මා­ණය කර ගත් ගිණු­මට ප්‍රවේශ වන්න. අයැ­දු­ම්ක­රුවා උත්තර පත්‍ර පරී­ක්ෂ­ක­ව­ර­යෙක් නම් ÒBauddha Dharmacharya Examination – 2024 – Updating Details of Marketing ExaminersÓ හෝ අයැ­දු­ම්ක­රුවා ගණිත පරී­ක්ෂ­ක­ව­ර­යෙක් නම් ÒBauddha Dharmacharya Examination – 2024 – Updating Details of Evalution Mark FinalizerÓ තෝරා ගත යුතුය.

අයැ­දු­ම්පත් සම්පූර්ණ කිරී­මට පෙර උප­දෙස් අනු­ග­ම­නය කළ යුතු අතර අයැ­දු­ම්පත නිවැ­ර­දිව සම්පූර්ණ කර සබ්මිට් කළ යුතුය. එවිට ලැබෙන පී.ඩී.එෆ්. අයැ­දු­ම්පත ඒ ෆෝ ප්‍රමා­ණයේ කඩ­දා­සි­යක දෙපැත්තේ මුද්‍ර­ණය කර පිරි­වෙනේ දහම් පාස­ලේහි අයැ­දු­ම්ක­රුවා ලබාදී ඇති කාල­ස­ට­හන ද ඊට ඇතු­ළත් කර එම කාල­ස­ට­හන නිවැ­රදි බවට පරි‍වෙ­ණා­ධි­පති හිමි / ප්‍රධා­නා­චාර්ය විසින් සහ­තික කළ යුතුය. අයැ­දු­ම්ක­රුවා නවක පරී­ක්ෂ­ක­ව­ර­යකු නම් අධ්‍යා­පන සුදු­සු­කම් සනාථ කිරීම සඳහා අදාළ සහ­තික පත්‍ර­වල සහ­තික කළ පිට­පත් අමුණා විභාග කොම­සා­රිස් ජන­රාල්, ආය­ත­නික විභාග ඇග­යීම් ශාඛාව, ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුව, තැ.පෙ. 1503, කොළඹ ලිපි­න­යට එවිය යුතුය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT