බෞද්ධ ධර්මාචාර්ය විභාගය – 2024 උත්තර පත්‍ර පරීක්ෂකවරුන්/ගණිත පරීක්ෂකවරුන් පිළිබඳ තොරතුරු යාවත්කාලීන කිරීමට මාර්ගගත ක්‍රමය ඔස්සේ අයැදුම්පත් භාර ගැනීම ලබන මස 6 වැනිදා අවසන් වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.
විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස “අපගේ සේවා” යටතේ ඇති බෞද්ධ ධර්මාචාර්ය විභාගය – 2024 උත්තර පත්‍ර පරීක්ෂකවරුන් /ගණිත පරීක්ෂකවරුන් පිළිබඳ තොරතුරු යාවත්කාලීන කිරීම සබැඳිය මත ක්ලික් කිරීමෙන් හෝ විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකතන යෙදවුම “DOE” වෙත පිවිස බෞද්ධ ධර්මාචාර්ය විභාගය – 2024 උත්තර පත්‍ර පරීක්ෂකවරුන්/ගණිත පරීක්ෂකවරුන් පිළිබඳ තොරතුරු යාවත්කාලීන කිරීම සබැඳිය මත ක්ලික් කිරීමෙන් හෝ onlineexams.gov.lk පිවිසීමෙන් මාර්ගගත ක්‍රමයට තොරතුරු යාවත්කාලීන කළ හැකිය. පරිශීලක ගිණුමක් අයැදුම්කරුවා වෙත දැනටමත් තිබේ නම් Personal Account Login හරහා පද්ධතියට ප්‍රවේශ වන්න. නැතහොත් විභාගයට පෙනී සිට ජාතික හැඳුනුම්පත් අංකය හා ඔබ දැනට භාවිත කරන ජංගම දුරකතන අංකය යොදා ගිණුමක් නිර්මාණය කර ගන්න. අයැදුම්කරුවාගේ ජංගම දුරකතන අංකයට ලැබෙන OTP අංකය භාවිත කර අයැදුම්කරුවා නිර්මාණය කර ගත් ගිණුමට ප්‍රවේශ වන්න. අයැදුම්කරුවා උත්තර පත්‍ර පරීක්ෂකවරයෙක් නම් ÒBauddha Dharmacharya Examination – 2024 – Updating Details of Marketing ExaminersÓ හෝ අයැදුම්කරුවා ගණිත පරීක්ෂකවරයෙක් නම් ÒBauddha Dharmacharya Examination – 2024 – Updating Details of Evalution Mark FinalizerÓ තෝරා ගත යුතුය.
අයැදුම්පත් සම්පූර්ණ කිරීමට පෙර උපදෙස් අනුගමනය කළ යුතු අතර අයැදුම්පත නිවැරදිව සම්පූර්ණ කර සබ්මිට් කළ යුතුය. එවිට ලැබෙන පී.ඩී.එෆ්. අයැදුම්පත ඒ ෆෝ ප්‍රමාණයේ කඩදාසියක දෙපැත්තේ මුද්‍රණය කර පිරිවෙනේ දහම් පාසලේහි අයැදුම්කරුවා ලබාදී ඇති කාලසටහන ද ඊට ඇතුළත් කර එම කාලසටහන නිවැරදි බවට පරිවෙණාධිපති හිමි / ප්‍රධානාචාර්ය විසින් සහතික කළ යුතුය. අයැදුම්කරුවා නවක පරීක්ෂකවරයකු නම් අධ්‍යාපන සුදුසුකම් සනාථ කිරීම සඳහා අදාළ සහතික පත්‍රවල සහතික කළ පිටපත් අමුණා විභාග කොමසාරිස් ජනරාල්, ආයතනික විභාග ඇගයීම් ශාඛාව, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, තැ.පෙ. 1503, කොළඹ ලිපිනයට එවිය යුතුය.