කැස්බෑව SOS ළමා ගම්මානයේ රැකවරණය ලබමින් සිටි දැරියක් අපයෝජනයට ලක් කළ කැස්බෑව ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කරන 40 හැවිරිදි හිමි නමක සම්බන්ධ සිද්ධිය සම්බන්ධයෙන් SOS ළමා ගම්මානය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
දහ හතර හැවිරිදි පාසැල් දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කළ බව පැවසෙන හිමි නමක් අත් අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය පවසයි.
කැස්බෑව SOS ළමා ගම්මානයේ රැකවරණය ලබමින් සිටි දැරියක් අපයෝජනයට ලක් කළ කැස්බෑව ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කරන (40) හැවිරිදි හිමි නමක් අත්අඩංගුවට ගෙන ඇත.
පිළියන්දල SOS ළමා ගම්මානය බාරයේ සිටින දැරියක අපයයෝජනයට ලක් වීමේ මෙම සිද්ධිය පිළිබඳව එම ළමා ගම්මානය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.
පිළියන්දල SOS ළමා ගම්මානය බාරයේ සිටින 14 හැවිරිදි දැරියක අපයෝජනයටලක්වීමේ සිද්ධිය පිළිබඳ අප දැනුවත්ව සිටින අතර, ඒ පිළිබඳ අපි මහත් කම්පනයටපත්ව සිටිමු. දැරියගේ කායික සහ මානසික යහපැවැත්ම තහවුරු කිරීම මේමොහොතේඅපගේ ප්‍රමුඛතාවවන අතර, මේසම්බන්ධව සිදුකෙරෙන විමර්ශනකටයුතු සඳහා අප වගකිවයුතු ආයතනයක් ලෙස අදාළ පූර්ණ සහයෝගය ලබාදෙමින් සිටිමු.
මෙම සිද්ධියට පාදක වී ඇතැයි සැලකෙන දැරිය, 2023 වසරේ ජනවාරි මාසයේපිළියන්දල SOS ළමා ගම්මානයට ඇතුළත් කෙරුණු දැරියක්වන අතර, අප ආයතනය අසළ පිහිටි ප්‍රශ්නගත පන්සලට ඇය ඉදිරියේ පැවැත්වීමට නියමිත දහම් පාසල් තරඟ පුහුණුවීම් සඳහා සෙසු ළමුන්ද සමඟ යොමුකරවන ලදී. මෙමඅවාසනාවන්ත සිදුවීම සිදුවීඇත්තේ එම පුහුණුවීම් සඳහාසහභාගීවීමේදී බවදැරියඇයගේ මවට ප්‍රකාශකර ඇත.
සිද්ධිය සැලවූ වහාම අප ආයතනය සහ එහි කළමනාකාරිත්වය කඩිනමින් ඇයරෝහල්ගත කිරීමටත්, ඇයට අවශ්‍ය සියලු ම ආකාරයේ පහසුකම් සැලසීමටත්කටයුතු කළේය. රෝහල් කාර්යමණ්ඩලය විසින් ඇයට අවශ්‍යවෛද්‍ය පරීක්ෂණකටයුතු සිදු කෙරෙමින් පවතින අතර, පොලීසිය සහ උසාවිය ඇතුළු මේසම්බන්ධවකටයුතු කරන සියලු ම රජයේ ආයතනවලට, විමර්ශන කටයුතු සිදු කිරීමට අවශ්‍යසියලු සහයෝගය ලබා දීමට අපි කැපවී සිටිමු.