Monday, April 21, 2025
Home » ඥාන­සාර හිමි­යන්ගේ අභි­යා­චනාව අප්‍රේල් 3දා සලකා බලන්න තීර­ණ­යක්
ඉස්ලාම් ආග­මට අප­හාස කිරීමේ සිද්ධිය

ඥාන­සාර හිමි­යන්ගේ අභි­යා­චනාව අප්‍රේල් 3දා සලකා බලන්න තීර­ණ­යක්

by damith
October 26, 2024 1:11 am 0 comment

නෙල්කා මැද­ගෙ­දර

කූර­ගල විහා­ර­ස්ථා­නය සම්බ­න්ධව පැවති මාධ්‍ය සාක­ච්ඡා­ව­කදී ඉස්ලාම් ආග­මට අප­හාස වන ආකා­රයේ ප්‍රකාශ දෙකක් සිදු කිරී­මෙන් ආග­මික සංහි­ඳි­යා­වට බාධා කිරීමේ චෝදනා දෙක­කට තමන් වර­ද­කරු බවට තීන්දු කර­මින් වසර හත­රක බර­ප­තළ වැඩ සහිත සිර­ද­ඬු­වම බල­ර­හිත කරන ලෙස ඉල්ලා බොදු බල­සේනා සංවි­ධා­නයේ මහ­ලේ­කම් ගල­ගො­ඩ­අත්තේ ඥාන­සාර හිමි­යන් ගොනු කළ අභි­යා­චනා පෙත්ස­මක් ලබන වසරේ අප්‍රේල් මස 03 වැනිදා සලකා බැලී­මට අභි­යා­ච­නා­ධි­ක­ර­ණය ඊයේ (25) දින නියම කළේය.

අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සු­රු­ව­රුන් වන මේනකා විජේ­සු­න්දර සහ ගිහාන් කුල­තුංග යන මහත්ම මහ­ත්මී­න්ගෙන් සම­න්විත ද්වි පුද්ගල විනි­සුරු මඬු­ල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවූ අව­ස්ථා­වේදී මේ මෙම නිය­මය කරන ලදි. එම පෙත්සම කැඳවූ අව­ස්ථා­වේදී විත්ති­කාර අභි­යා­චක ගල­ගො­ඩ­අත්තේ ඥාන­සාර හිමි­යන් වෙනු­වෙන් පෙනී සිටි නීති­ඥ­ව­රිය මෙම පෙත්සම සම්බ­න්ධ­යෙන් කරුණු දැක්වීම සඳහා වෙනත් දින­යක් ලබා­දෙන ලෙස ඉල්ලා සිටි­යාය. ඒ අනුව විනි­සුරු මඬුල්ල දින නිය­මය සිදු කරන ලදි.

මාධ්‍ය හමු­වක් පව­ත්ව­මින් 2016 වසරේ නොවැ­ම්බර් 01 සහ දෙසැ­ම්බර් 16 වැනි අතර කාලයේ දින­ය­කදී කූර­ගල විහා­ර­ස්ථා­නය සම්බ­න්ධ­යෙන් ප්‍රකා­ශ­යක් සිදු කිරීම මඟින් ආගම් අතර අස­ම­ගිය ඇති­වන ආකා­ර­යෙන් ගල­ගො­ඩ­අත්තේ ඥාන­සාර හිමි­යන් කට­යුතු කළ බවට හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී මුජි­බර් රහු­මාන් සහ අසාත් සාලි යන මහ­ත්වරු විසින් පැමි­ණිලි කර තිබුණි. එම පැමි­ල්ල­කට අනුව අධි­චෝ­දනා දෙකක් යටතේ නීති­ප­ති­ව­රයා විසින් කෝළඹ මහා­ධි­ක­ර­ණය හමුවේ නඩු පව­රන ලදි.

ආග­මික සම­ගිය කඩ කිරීමේ චෝදනා දෙක­කට අදා­ළව දණ්ඩ නීති සංග්‍ර­හයේ 291 (b) වන වග­න්තිය අනුව චෝදනා දෙකක් යටතේ නීති­ප­ති­ව­රයා ගල­ගො­ඩ­අත්තේ ඥාන­සාර හිමි­යන්ට එරෙ­හිව එම නඩුව ගොනු කර තිබුණි. එම නඩුව විභාග කිරී­මෙන් අන­තු­රුව එහි තීන්දුව ඉකුත් මාර්තු මස 28 වැනිදා ලබා දෙමින් කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු ආදීත්‍ය පට­බැ­ඳිගේ මහතා තීර­ණය කළේ විත්ති­කාර ගල­ගො­ඩ­අත්තේ ඥාන­සාර හිමි­යන්ට එරෙ­හිව ඉදි­රි­පත් කර තිබූ චෝදනා පැමි­ණිල්ල සාධා­රණ සැක­යෙන් ඔබ්බට ඔප්පු කර ඇති බවය. එසේම එම ප්‍රකා­ශය සිතා­ම­තාම සිදු කර ඇති බව නඩු විභා­ග­යේදී පෙනී යන බවත් එය අහ­ම්බ­ය­කින් කරන ලද ප්‍රකා­ශ­යක් ලෙස සැල­කිය නොහැකි බවට විනි­සු­රු­ව­රයා තීර­ණය කළේය.

ඒ අනුව අදාළ චෝදනා දෙක­ටම ඥාන­සාර හිමි­යන් වර­ද­කරු බවට තීර­ණය කර එක් එක් චෝද­නා­වට වසර දෙක බැගින් වසර හත­රක සිර­ද­ඬු­වම් නියම විය. එසේම එක් එක් චෝද­නා­වට රුපි­යල් පන­ස්ද­හස බැගින් රුපි­යල් ලක්ෂ­යක දඩ මුද­ලක් ගෙවී­මට ද ගල­ගො­ඩ­අත්තේ ඥාන­සාර හිමි­යන්ට නියෝග කරන ලදි. එම දඩ මුදල් ගෙවීම පැහැ­ර­හ­රින්නේ නම් ඒ වෙනු­වෙන් තවත් වසර දෙකක සිර­ද­ඬු­ව­මක් ද නියම කෙරිණ.

එම නඩු තීන්දුව නීති­යට පට­හැණි බැවින් එය බල­ර­හිත කර තමන් නිදොස් කොට නිද­හස් කරන ලෙස ඉල්ලා ගල­ගො­ඩ­අත්තේ ඥාන­සාර හිමි­යන් මෙම අභි­යා­චනා පෙත්සම ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව ඇප ඉල්ලී­මක් කරන ලදි. එම ඇප ඉල්ලීම මහා­ධි­ක­ර­ණය විසින් ප්‍රති­ක්ෂේප කළ අතර ඊට එරෙ­හිව මෙම ප්‍රති­ශෝ­ධන පෙත්සම ඉදි­රි­පත් කර තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT