Sunday, April 20, 2025
Home » ප්‍රජා අයි­තිය අහෝ­සි වී සිටින රන්ජන්ගේ නාම­යෝ­ජ­නාව බල­ර­හිත කර­න්නැයි පෙත්ස­මක්

ප්‍රජා අයි­තිය අහෝ­සි වී සිටින රන්ජන්ගේ නාම­යෝ­ජ­නාව බල­ර­හිත කර­න්නැයි පෙත්ස­මක්

by damith
October 26, 2024 1:13 am 0 comment

නෙල්කා මැද­ගෙ­දර

අධි­ක­ර­ණ­යට අප­හාස කිරීම සම්බ­න්ධ­යෙන් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය මඟින් සිර­ද­ඬු­වම් නියම කිරී­මෙන් අන­තු­රුව වසර හත­කට ප්‍රජා අයි­තිය අහෝසි වී සිටින හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී රන්ජන් රාම­නා­යක මහතා මෙවර පාර්ලි­මේන්තු මැති­ව­ර­ණය සඳහා තරග කිරී­මට ඉදි­රි­පත් කර ඇති නාම­යෝ­ජ­නාව බල­ර­හිත කරන නියෝ­ග­යක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට මූලික අයි­ති­වා­සි­කම් පෙත්ස­මක් ගොනු කර තිබේ.

මැති­ව­ර­ණ­යට තරග කිරී­මට තමන් නුසු­දුසු බව දැන දැනම පාර්ලි­මේන්තු මන්ත්‍රී ධුර අපේ­ක්ෂ­ක­යකු ලෙස ඉදි­රි­පත් වීමට නාම­යෝ­ජනා පත්‍ර ඉදි­රි­පත් කිරීම මඟින් හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී රන්ජන් රාම­නා­යක මහතා මෙරට ජන­තා­වගේ මූලික අයි­ති­වා­සි­කම් කඩ­කර ඇති බව සඳ­හන් කර­මින් ඔහුට මෙවර මැති­ව­ර­ණය සඳහා තරග කිරීම වළ­කා­ලන අතුරු නියෝ­ග­යක් නිකුත් කරන ලෙසද මෙම පෙත්සම මඟින් ඉල්ලා ඇත.

මෙවර මැති­ව­ර­ණය සඳහා ගම්පහ දිස්ත්‍රි­ක්ක­යෙන් ඉදි­රි­පත් වී සිටින ස්වාධීන කණ්ඩා­ය­මක අපේ­ක්ෂ­ක­යකු වන කැල­ණිය වන­වා­සල පදිංචි මහින්ද සේනා­නා­යක මහතා නීතිඥ සම්පත් විජේ­ව­ර්ධන මහතා මඟින් මෙම පෙත්සම ඉදි­රි­පත් කර ඇත. පෙත්සමේ වග­උ­ත්ත­ර­ක­රු­වන් ලෙස මැති­ව­රණ කොමි­සම, හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී රන්ජන් රාම­නා­යක මහතා ඇතුළු පිරි­සක් නම් කරනු ලැබ සිටිති. හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී රන්ජන් රාම­නා­යක මහතා ‘එක්සත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී හඬ’ නමැති දේශ­පා­ලන පක්ෂ­යෙන් තරග වැදීම සඳහා ගම්පහ දිස්ත්‍රි­ක්කය සඳහා නාම යෝජනා පත්‍ර භාරදී ඇති බව පෙත්ස­මෙහි සඳ­හන් වේ.

අධි­ක­ර­ණ­යට අප­හාස කිරීමේ චෝදනා සම්බ­න්ධ­යෙන් වර­ද­කරු කොට 2022 ජන­වාරි 12 වැනි දින ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය මඟින් වසර 4 සිර­ද­ඬු­ව­මක් රන්ජන් රාම­නා­යක මහ­තාට නියම කළ බව පෙත්ස­මෙහි සඳ­හන් වේ. අන­තු­රුව හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා විසින් ඔහුට ජනා­ධි­පති සමාව ලබා­දී­මෙන් අන­තු­රුව නිද­හස් කරන ලදි. ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 91(1)අ 90 සහ 89( ඇ) වග­න්තීන් අනුව සිර­ද­ඬු­වම් ලැබූ­වෙ­කුගේ ප්‍රජා අයි­තිය වසර 7කට අහිමි වන බව පෙත්ස­ම්කරු විසින් පෙන්වාදී ඇත. ඒ අනුව 2022 ජන­වාරි 12 සිට 2028 ජන­වාරි 12 දක්වාම රන්ජන් රාම­නා­යක මහ­තාගේ ප්‍රජා අයි­තිය අහෝ­සිව ඇත. එබැ­වින් එම කාලය තුළ මැති­ව­ර­ණ­යක් සඳහා නාම­යෝ­ජනා පත්‍ර ඉදි­රි­පත් කිරී­මට හෝ තරග කිරී­මට හෝ ඔහුට අයි­ති­වා­සි­කම් නොමැති බව පෙත්ස­මෙහි සඳ­හන් වේ.

වසර හතක සිය ප්‍රජා අයිති තහ­නම වසර දෙක දක්වා අඩු කරන ලෙස රන්ජන් රාම­නා­යක මහතා විසින් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තා­ගෙන් ඉල්ලී­මක් සිදු කර ඇති බව පෙත්සම මඟින් පෙන්වාදී ඇත. මෙම ඉල්ලී­මට මේ වන තෙක් කිසිදු ප්‍රති­චා­ර­යක් ලැබී නැති බවද එහි දැක්වේ. එසේ තිබි­යදී ගම්පහ දිස්ත්‍රි­ක්ක­යට තරග වැදීම සඳහා ‘එක්සත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී හඬ’ නමැති දේශ­පා­ලන පක්ෂ­යෙන් රන්ජන් රාම­නා­යක මහතා විසින් නාම­යෝ­ජනා භාරදී ඇති බව පෙත්සම් කරු විසින් පෙන්වා දී ඇත.

ඔහුගේ නාම­යෝ­ජනා භාර­දීම සම්බ­න්ධ­යෙන් අපේ­ක්ෂ­ක­යන් කීප­දෙ­නෙක් විරෝ­ධ­ත්වය ප්‍රකාශ කර ඇති බව ද පෙත්ස­මෙහි සඳ­හන් වේ. තමන් පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යට ඉදි­රි­ප­ත්වී­මට නුසු­දුසු බව තමන් දැන දැනම රාම­නා­යක මෙසේ නාම යෝජනා පත්‍ර භාර දීම මඟින් ජන­තා­වගේ මූලික අයි­ති­වා­සි­කම් කඩ­කි­රී­මක් වන බවට පෙත්ස­ම්කරු පැමි­ණිලි කර සිටී. එසේම තේරීම් භාර නිල­ධා­රී­ව­රයා සහ ඡන්ද දාය­ක­යින් නොමඟ යව­මින් ගම්පහ දිස්ත්‍රි­ක්කය සඳහා තරග කිරී­මට ඔහු විසින් නාම­යෝ­ජනා පත්‍රය ඉදි­රි­පත් කර ඇති බව පෙත්සම මඟින් පෙන්වාදී තිබේ.

එබැ­වින් මෙම පෙත්සම විභා­ග­යට ගැනී­මට අව­සර ලබාදී රන්ජන් රාම­නා­යක මහ­තාගේ නාම යෝජ­නාව බල­ර­හිත කරන නියෝ­ග­යක් නිකුත් කරන ලෙස ද පෙත්ස­ම්කරු අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටී. එසේම රන්ජන් රාම­නා­යක මහ­තාට මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යට තරග කිරිම වළ­කා­ලන අතුරු නියෝ­ගය නිකුත් කරන ලෙස ද පෙත්ස­ම්කරු සිය පෙත්ස­මෙන් ඉල්ලා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT