Sunday, April 20, 2025
Home » පින්වත්තේ නි‍ෙව­ස­කට පැන කාන්තා­වන් දෙදෙන­කුට පහ­රදී කපා කොටා දමලා

පින්වත්තේ නි‍ෙව­ස­කට පැන කාන්තා­වන් දෙදෙන­කුට පහ­රදී කපා කොටා දමලා

කාන්තාවෝ දෙන්නාම මත්ද්‍රව්‍ය නඩු­වල චූදි­තයෝ

by damith
October 26, 2024 1:03 am 0 comment

පොතු­පි­ටිය - සුමිත් ප්‍රේම­ති­ලක සහ හල්තොට සමූහ - විනීතා මානෙල් ගමගේ

තියුණු ආයුධ රැගෙන මුහුණු ආව­ර­ණය කර­ගත් පුද්ග­ල­යන් තිදෙ­නකු ඊයේ (25) අලු­යම පාන­දුර, පින්වත්ත ප්‍රදේ­ශයේ නිවෙ­ස­කට කඩා වැදී එහි සිටි කාන්තා­වන් දෙදෙ­න­කුට පහ­රදී කපා කොටා බර­ප­තළ තුවාල කර පලා ගොස් ඇතැයි පිංවත්ත පොලි­සිය කියයි.

මෙසේ පහ­ර­කෑ­මට ලක්ව රෝහ­ල්ගත කර ඇත්තේ පාන­දුර ඌර­න්ගො­ඩ­වත්ත ප්‍රදේ­ශයේ පදිංචි අවු­රුදු 56 හා 49 වය­ස්වල පසු­වන කාන්තා­වන් දෙදෙ‍ෙ­නකි. තුවාල ලැබූ 49 හැවි­රිදි කාන්තාව අදාළ නිවැසි කාන්තාව වන අතර අනෙක් තැනැ­ත්තිය ඇගේ මිතු­රි­යක බවත් මොවුන් දෙදෙ­නාම මත්ද්‍රව්‍ය ව්‍යාපා­රය සිදු කරන බවට තොර­තුරු ලැබී ඇති බවත් පොලි­සිය කියයි.

අදාළ නිවැසි කාන්තාව ගංජා හා හෙරො­යින් සම්බ­න්ධ­යෙන් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ග­තව සිට ඉකුත් 15දා සිට ඇප­මත නිද­හස්ව පැමිණ සිටි අයකු බව ද පොලි­සිය පව­සයි.

ඊයේ (25) අලු­යම 2 ත් 3 ත් අතර කාලයේ ත්‍රිරෝද රථ­ය­කින් පැමිණි සිව්දෙ­නකු නි‍ෙවසේ ගේට්ටුව විවෘත කර ඇතු­ළුව නි‍ෙවසේ දොරට පහ­රදී කඩා එහි සිටි කාන්තා­වන් දෙදෙ­නාගේ අත්පා­ව­ලට තියුණු ආයු­ධ­ව­ලින් පහ­රදී ඇති බව ද පොලි­සිය කියයි. සැක­ක­රු­වන් පැමි­ණෙන ආකා­රය අසල තිබූ සීසී­ටීවී කැම­රා­වක පටි­ග­තව ඇති බවත්, ඒ ඔස්සේ පරී­ක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලි­සිය කීය.

මෙම සිද්ධිය කුමන අර­මු­ණක් සම්බ­න්ධ­යෙන් සිදු කළේ ද යන්න මෙතෙක් අනා­ව­ර­ණය වී නොමැති අතර ඉදිරි විම­ර්ශන පිංවත්ත පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක පද්ම­න­න්දන මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් අප­රාධ අංශයේ ස්ථානා­ධි­පති උප පොලිස් පරී­ක්ෂක නාමල් ඇතුළු නිල­ධා­රීන් විසින් සිදු කරනු ලැබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT