තියුණු ආයුධ රැගෙන මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් තිදෙනකු ඊයේ (25) අලුයම පානදුර, පින්වත්ත ප්‍රදේශයේ නිවෙසකට කඩා වැදී එහි සිටි කාන්තාවන් දෙදෙනකුට පහරදී කපා කොටා බරපතළ තුවාල කර පලා ගොස් ඇතැයි පිංවත්ත පොලිසිය කියයි.
මෙසේ පහරකෑමට ලක්ව රෝහල්ගත කර ඇත්තේ පානදුර ඌරන්ගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 56 හා 49 වයස්වල පසුවන කාන්තාවන් දෙදෙෙනකි. තුවාල ලැබූ 49 හැවිරිදි කාන්තාව අදාළ නිවැසි කාන්තාව වන අතර අනෙක් තැනැත්තිය ඇගේ මිතුරියක බවත් මොවුන් දෙදෙනාම මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සිදු කරන බවට තොරතුරු ලැබී ඇති බවත් පොලිසිය කියයි.
අදාළ නිවැසි කාන්තාව ගංජා හා හෙරොයින් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඉකුත් 15දා සිට ඇපමත නිදහස්ව පැමිණ සිටි අයකු බව ද පොලිසිය පවසයි.
ඊයේ (25) අලුයම 2 ත් 3 ත් අතර කාලයේ ත්‍රිරෝද රථයකින් පැමිණි සිව්දෙනකු නිෙවසේ ගේට්ටුව විවෘත කර ඇතුළුව නිෙවසේ දොරට පහරදී කඩා එහි සිටි කාන්තාවන් දෙදෙනාගේ අත්පාවලට තියුණු ආයුධවලින් පහරදී ඇති බව ද පොලිසිය කියයි. සැකකරුවන් පැමිණෙන ආකාරය අසල තිබූ සීසීටීවී කැමරාවක පටිගතව ඇති බවත්, ඒ ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිසිය කීය.
මෙම සිද්ධිය කුමන අරමුණක් සම්බන්ධයෙන් සිදු කළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඉදිරි විමර්ශන පිංවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පද්මනන්දන මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නාමල් ඇතුළු නිලධාරීන් විසින් සිදු කරනු ලැබේ.