Home » ඌරු මස් ව්‍යංජ­න­යක කුකුළු කටු අස්සේ මැග­සින් බන්ධ­නා­ගා­ර­යට කුඩු ගෙනි­හින්

ඌරු මස් ව්‍යංජ­න­යක කුකුළු කටු අස්සේ මැග­සින් බන්ධ­නා­ගා­ර­යට කුඩු ගෙනි­හින්

by damith
October 26, 2024 1:03 am 0 comment

බුද්ධිකා ඉඹු­ලාන

මැග­සින් බන්ධ­නා­ගා­රයේ සිටින රුඳ­වූ­ව­කුට ලබා දීමට ගෙනා ඌරු මස් ව්‍යංජ­න­යක දමා තිබූ කුකුළු මස් කටු තුනක් තුළ සූක්ෂ්ම අයු­රින් සඟවා තිබූ මත්ද්‍රව්‍ය පැකට් 08ක් සොයා ගැනී­මට බන්ධ­නා­ගාර හදිසි ප්‍රති­චාර හා උප­ක්‍ර­මික බළකා නිල­ධා­රීන් පෙරේදා (24) සමත්වී තිබේ.

කෝට්ටේ ප්‍රදේ­ශයේ කාන්තා­වක පෙරේදා (24) මෙම බන්ධ­නා­ගා­රයේ සිටින රැඳ­වූ­වකු බැලී­මට පැමිණ ඇති අතර ඔහුට ලබා දීමට ඌරු මස් ව්‍යංජ­න­යක් රැගෙන විත් තිබේ. මෙම ව්‍යංජ­නය තුළ කුකුළු මස් කැබලි කීප­යක් සහ කුකුළු මස් කටු කීප­යක්ද තිබීම නිසා සැක මතු­කළ බන්ධ­නා­ගාර හදිසි ප්‍රති­චාර හා උප­ක්‍ර­මික බළකා නිල­ධා­රීන් ඒවා දැඩි සෝදි­සි­ය­කට ලක් කර ඇත.

එහිදී බන්ධ­නා­ගාර හදිසි ප්‍රති­චාර හා උප­ක්‍ර­මික බළ­කායේ නියා­ම­ක­ව­රුන් වන ආර්.එම්.එන්.පී. රත්නා­යක, කේ.ඩී.ජී. එරන්ද මහ­ත්ව­රුන්ට මෙම ව්‍යංජ­නයේ කුකුළු මස් කටු තුනක් තුළ සූක්ෂ්ම අයු­රින් සඟ­වන ලද සුදු පැහැති දව­ට­න­ව­ලින් ආව­ර­ණය කළ යමක් ඇති බව පෙනී ගොස් ඇති අතර වැඩි­දුර පරී­ක්ෂා­වේදී හෙරො­යින් මත්ද්‍රව්‍ය යැයි සැක­කළ හැකි කුඩා පැකට් 02ක් හා අයිස් මත්ද්‍රව්‍ය ලෙස සැක­කළ හැකි පැකට් 01ක් ඒ තුළින් හමුවී තිබේ. අයිස් මත්ද්‍රව්‍ය ලෙස සැක­කළ හැකි පැක­ට්ටුව කඩා බැලී­මේදී නිරී­ක්ෂ­ණය වී ඇත්තේ කුඩා ලෙස සැකසූ හෙරො­යින් යැයි සැක­කළ හැකි තවත් පැකට් 05ක් කඩ­දා­සි­යක් තුළ ආව­ර­ණය කර ඇති බවයි.

මෙහිදී අදාළ කාන්තාව අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අතර එම මත්ද්‍රව්‍ය හා සැක­කාර කාන්තාව මැග­සින් බන්ධ­නා­ගාර අධි­කාරි සුභාෂ් උපු­ල්දෙ­ණිය මහ­තාගේ උප­දෙස් පරිදි බොරැල්ල පොලි­සිය වෙත වැඩි­දුර විම­ර්ශන සඳහා භාර­දී­මට කට­යුතු සිදු­කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT