Home » තාත්තයි පුතයි අල්ලන්න ගිය පොලී­සි­යට කතුන් තිදෙනෙක් පහර දීලා

තාත්තයි පුතයි අල්ලන්න ගිය පොලී­සි­යට කතුන් තිදෙනෙක් පහර දීලා

පොලී­සියේ දෙන්නෙක් රෝහලේ: කාන්තාවෝ අත්අ­ඩං­ගු­වට

by damith
October 26, 2024 1:03 am 0 comment

අනු­රා­ධ­පුර සංචා­රක - සශිනි මධු­ෂාණි

වරෙ­න්තු­කාර පිය පුතු දෙදෙ­නකු අත්අ­ඩං­ගු­වට ගැනී­මට ගිය පොලිස් නිල­ධා­රීන් දෙදෙ­න­කුට, තියුණු ආයු­ධ­ව­ලින් හා ගල් මුගු­රු­ව­ලින් පහ­රදී තුවාල කර එම වරෙ­න්තු­ක­රු­වන් දෙදෙනා මුදා ගත් කාන්තා­වන් තුන් දෙනකු අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ බව ඔයා­ම­ඩුව පොලි­සිය පව­සයි.

සිද්ධි­යෙන් තුවාල ලැබූ පොලිස් කොස්තා­ප­ල්ව­රුන් දෙදෙ­නකු පළ­මුව ඇල­යා­ප­ත්තුව රෝහ­ල­ටත් පසුව වැඩි­දුර ප්‍රති­කාර සඳහා, අනු­රා­ධ­පුර ශික්ෂණ රෝහ­ල­ටත් මාරු කර යවා ඇතැයි පොලි­සිය සඳ­හන් කරයි.

මෙලෙස අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ, ඔයා­ම­ඩුව වන්නි­හැ­ල­ඹෑව, වැල්ම­ල්ගම ප්‍රදේ­ශයේ පදිංචි වයස අවු­රුදු 39 සහ 40 වියේ පසු­වන කාන්තා­වන් දෙදෙ­නකු සහ සිද්ධියේ ප්‍රධාන සැක­ක­රුගේ 14 හැවි­රිදි දිය­ණිය බව පොලි­සිය කියයි.

අනු­රා­ධ­පුර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යෙන් නිකුත් කළ වරෙ­න්තු­ව­කට අනුව ඔයා­ම­ඩුව, වැල්ම­ල්ගම, ප්‍රදේ­ශයේ පියකු සහ පුත්‍ර­යකු අත්අ­ඩං­ගු­වට ගැනී­මට යාමේදී මෙම ප්‍රහා­රය එල්ල වූ බව ද පොලි­සිය පව­සයි.

මෙහිදී ප්‍රධාන වරෙ­න්තු­කරු සහ ඔහුගේ පවුලේ ඥාතී කාන්තා­වන් පිරි­සක් විසින් උදැ­ල්ල­කින්, පොර­ව­කින් සහ ගල් මුගු­රු­ව­ලින් පොලිස් නිල­ධා­රීන්ට පහ­රදී මෙලෙස තුවාල කර ඇති අතර, එම අව­ස්ථා­වේදී වැට­ලීම් භාර නිල­ධා­රියා වන උප පොලිස් පරී­ක්ෂක ජය­වි­ක්‍රම මහතා අම­තර පොලිස් කණ්ඩා­ය­මක් ගෙන්වා­ගෙන තුවාල ලැබූ පොලිස් කොස්තා­ප­ල්ව­රුන් දෙදෙනා රෝහල් ගත­කළ බව පොලි­සිය සඳ­හන් කළේය.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­කාර කාන්තා­වන් තිදෙනා අයුතු ජන­රා­ශීව සිටි­මින් පොලිස් නිල­ධා­රීන් දෙදෙ­නෙ­කුගේ රාජ­කා­රි­යට බාධා කර පහ­රදී තුවාල සිදු­කි­රීමේ චෝද­නා­වට අනු­රා­ධ­පුර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව ඉන් සැක­කා­රි­යන් දෙදෙ­නකු, මේ මස 29 දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර තවත් සැක­කා­රි­යක ඇප මත මුදා හැරි බවත් පොලි­සිය පව­සයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT