97
ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සාමාකාමීව සිදුවන බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්. ඒ. ධර්මසිරි මහතා පැවසීය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා මන්ත්‍රීවරුන් 28 දෙනෙකු තෝරා ගැනීම සඳහා වන ඡන්ද විමසීම අද (26) පෙ.ව. 7.00ට මධ්‍යස්ථාන 48කදී ආරම්භ විය.
ඒ අනුව අද පෙ.ව. 10.30 වනවිට 30%ක පමණ ඡන්ද දායකයින් පිරිසක් ඡන්දය භාවිත කර තිබේ.
දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා සඳහන් කළේ ඡන්ද විමසීම ප.ව. 4ට අවසන් වූ පසු අදාළ ඡන්ද මධ්‍යස්ථානවලදීම ගණන්කිරීමේ කටයුතු ආරම්භ කරන බවයි.