Home » ශීතකරණයෙන් විදුලි සැර වැදී කුඩා දරුවෙක් මරුට

ශීතකරණයෙන් විදුලි සැර වැදී කුඩා දරුවෙක් මරුට

by chanaka
October 26, 2024 12:37 pm 0 comment

ශීතකරණයෙන් විදුලි සැර වැදුණු කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අත්තනගල්ල පොලිසිය සඳහන් කළේ අදාළ දරුවා නිවසේ කෑම කාමරයේ තිබූ ශීතකරණයේ පහළ කොටසට අත දැමූ අවස්ථාවේදී විදුලි සැර වැදී ඇති අතර වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේදී ඔහු මිය ගිය බවයි.

මෙසේ මිය ගොස් ඇත්තේ පළමු වසරේ ඉගෙනුම ලැබු වයස අවු 06 ක පිරිමි දරුවෙකි.

මෙම දරුවා නිවස ඇතුළත් සෙල්ලම් කරමින් සිට ඇති බවත් නිවසේ කෑම කාමරය තුළ තිබු ශීතකරණයේ පහළ කොටස තුළට අත දැමීමේදී විදුලි සැර වැදී ඇති බවත් හෙළිව ඇත.

එය දුටු දරුවාගේ පියා වහාම දරුවා වතුපිටිවල මූලික රෝහල වෙත ඇතුළත් කර ඇතත් ඒ වන විටත් දරුවා මියගොස් ඇති බව වාර්තාවේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT