Monday, April 21, 2025
Home » හිමිකරුවෙක් නොමැති සැක සහිත මෝටර් රියක් මහරගම දමා ගිහින්

හිමිකරුවෙක් නොමැති සැක සහිත මෝටර් රියක් මහරගම දමා ගිහින්

by chanaka
October 26, 2024 12:30 pm 0 comment

මානව හිමිකම් සංවිධානයකට අයත් ස්ටිකරයක් සහිත මෝටර් රථයක් මහරගම පමුණුව පරණ පාරේ රෙදි පිළි වෙළඳසැලක් ඉදිරිපිට දමා ගොස් තිබියදී අද (26) උදෑසන සොයාගත් බව මහරගම පොලිසිය පවසයි.

මහරගම වෙළඳ සංගමයේ සාමාජිකයන් පොලිසියට කරන ලද දැනුම් දීමක් අනුව එම වාහනය සොයාගෙන ඇති අතර වාහනයේ ස්ථාන කීපයකම අනතුරට ලක්වූ බව දැක්වෙන සටහන් ඇතැයි පොලිසිය පැවසීය.

KIA වර්ගයේ නිල් පැහැති මෝටර් රථයක් මෙලෙස සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.

වාහනය අසල හිස් මත් පැන් බෝතල් කීපයක් දක්නට ලැබෙන බවද පොලිසිය කියයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT