Monday, April 21, 2025
Home » ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම ඇරඹෙයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම ඇරඹෙයි

by chanaka
October 26, 2024 12:15 pm 0 comment

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම අද (26) පෙරවරු 7.00ට ආරම්භ විය.

2018 වර්ෂයේ ලියාපදිංචි ඡන්ද හිමි නාමලේඛනයට අනුව මෙම ඡන්ද විමසීම පැවැත්වෙන අතර ඒ සඳහා ඡන්දදායකයින් 55,643ක් සුදුසුකම් ලබා තිබේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 48ක් ක්‍රියාත්මක බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය.

අද (26) උදෑසන 7.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද විමසීම සිදුකරන අතර ඊට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සැපයීම වෙනුවෙන් පොලිස් නිලධාරීන් 500කට වැඩි සංඛ්‍යාවක් යොදවා තිබේ.

ඊට අමතරව මෙම මැතිවරණයේ රාජකාරි කටයුතු වෙනුවෙන් රාජ්‍ය නිලධරීන් 600කට ආසන්න සංඛ්‍යවක් යොදවා ඇත.

මේ වනවිට එම ප්‍රදේශයේ තත්ත්වය සාමකාමී බව වාර්තා වේ.

ඇල්පිටිය ප්‍රාදේශිය සභාව සඳහා නියෝජිතයින් 28 දෙනෙකු තෝරා ගැනීම වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂ 08ක් සහ එක් ස්වාධීන කණ්ඩායමකින් සමස්ථ අපේක්ෂකයින් 279 දෙනෙකු තරගයට එක්ව සිටි.

මෙම ඡන්ද විමසීමේ දී ඡන්ද දායකයාගේ වම් අතෙහි මහපට ඇඟිල්ල පාට කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මේ අතර මෙම ඡන්ද විමසීමේ ප්‍රතිඵලය අද (26) රාත්‍රී 10 පමණ වන විට නිකුත් කිරීමට හැකිවනු ඇති බවයි මැතිවරණ බලධාරීන් සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT