Home » ඇල්පි­ටිය පුංචි ඡන්දය අද

ඇල්පි­ටිය පුංචි ඡන්දය අද

by damith
October 26, 2024 1:17 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

ඇල්පි­ටිය ප්‍රාදේ­ශීය සභා ඡන්ද විම­සීම අද (26) පැවැත්වේ. ඒ සඳහා අවශ්‍ය සියලු නිල­ධා­රීන්, ඡන්ද පත්‍රිකා සහ අනෙ­කුත් බඩු­බා­හිරාදිය ඊයේ (25) අදාළ මධ්‍ය­ස්ථාන වෙත රැගෙන ගිය බව මැති­ව­රණ කොමි­ෂන් සභාව පැවැ­සීය.

අද (26) උදෑ­සන 7 සිට පස්වරු 4 දක්වා ඡන්ද විම­සීම සිදු­වන අතර ඊට අවශ්‍ය ආර­ක්ෂක විධි­වි­ධාන යොදවා ඇති බව මැති­ව­රණ කොමි­ෂන් සභාවේ සභා­පති ආර්. එම්. ඒ. එල්. රත්නා­යක මහතා පැවැ­සීය.

ඡන්ද මධ්‍ය­ස්ථාන 48කදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද­දා­ය­ක­යින් 55,643ක් සුදු­සු­කම් ලබා ඇති අතර 2018 වර්ෂයේ ඡන්ද­දා­යක ලියා­ප­දිංචි කිරීමේ නාම­ලේ­ඛ­න­යට අනුව මෙම ඡන්ද විම­සීම පැවැ­ත්වෙන බව මැති­ව­රණ කොමි­සම ප්‍රකාශ කළේය.

ඇල්පි­ටිය ප්‍රාදේ­ශීය සභා මැති­ව­ර­ණයේ ඡන්දය භාවිත කරනු ලබන ස්ථාන සිය­ල්ලෙ­හිම නිරී­ක්ෂණ කට­යුතු සඳහා තම නිල­ධා­රීන් යොදවා ඇති බව පැෆ්රල් සංවි­ධා­නයේ විධා­යක අධ්‍යක්ෂ රෝහණ හේට්ටි­ආ­රච්චි මහතා සඳ­හන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT