Wednesday, April 23, 2025
Home » මැලේසියා මෝටර් රථ තරගාවලියේදී ෂෙහාන් සහ ටෙහාන්ට රන් පදක්කම්

මැලේසියා මෝටර් රථ තරගාවලියේදී ෂෙහාන් සහ ටෙහාන්ට රන් පදක්කම්

by mahesh
October 25, 2024 1:00 am 0 comment

කටුනායක ටී.කේ.ජී. කපිල

මැලේසියාවේ පැවති එම්.ඒ.එම්. මැලේසියා ෆෙස්ටිවල් ඔෆ් ස්පීඩ් – 2024 (M.A.M. Malaysia Festival of Speed – 2024) ජාත්‍යන්තර මෝටර් රථ ධාවන තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වූ ෂෙහාන් ගුණසේකර සහ ටෙහාන් අමරසිරි රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.

මේ තරගාවලියට රටවල් 10ක කුඩා මෝටර් රථ ධාවන ශූරයන් රැසක් එක් වූ අතර, එහිදී අවුරුදු 15න් පහළ කනිෂ්ඨ අංශය යටතේ තරග කළ 14 හැවිරිදි ෂෙහාන් ගුණසේකර එම අංශයේ රන් පදක්කම දිනා ගත්තේය.

අවුරුදු 13න් පහළ කැඩෙට් අංශය යටතේ තරග කරමින් 11 හැවිරිදි ටෙහාන් අමරසිරි සිය රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

මේ ක්‍රීඩකයන්ට මේ තරගාවලියේදී මෝටර් රථ පැදවීම සඳහා ජාත්‍යන්තර මෝටර් රථ ධාවන සංගමය මඟින් රියැදුරු බලපත්‍ර ලබා දී තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT